IMG-LOGO

සාත්තු සේවිකාවෝ ගුටි ඇන ගනිති

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ගලෙන්බිඳුනුවැව මූලික රෝහලේ සේවය කරන සාත්තු සේවිකාවන් දෙදෙනකු  එකිනෙකාට පහරදීම් සිදුකර ගැනීම නිසා දෙදෙනාම තුවාල ලබා එම රෝහලේම වාට්ටු දෙකක ප්‍රතිකාර ලබමින් පසුවන බව ගලෙන්බිඳුනුවැව  පොලීසිය පවසයි.

සාත්තු සේවිකාවකට යතුරුපැදි ආරක්ෂිත හිස් වැසුමකින් ද පහර දී ඇති බව ගලෙන්බිඳුනුවැව පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

සත්තු සේවිකාවක් උදෑසන රාජකාරියට වාර්තා කිරීමෙන් පසු රාජකාරි වේලාව තුළ දී ඇයගේ දරුවා රැගෙන ඒමට පාසලට පිටත්ව යෑම සම්බන්ධයෙන් හටගත් කතාබහක්  දුරදිග යෑම මෙවැන්නක් සිදු වීමට හේතු වී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි කියති.

ගලෙන්බිඳුනුවැව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (3)

සාත්තු සේවිකාවෝ ගුටි ඇන ගනිති

බොතේජුවා Friday, 16 June 2023 04:10 PM

වහාම ක්‍රියාත්මක වනසේ දෙදෙනාම දුර ප්‍රදේශයකට මාරු කළාම නිකම්ම දඬුවම් ලැබෙනවා... ඔහොම දේවල් දෙපාර්තමේන්තු මට්ටමෙන් විනය පරීක්ෂණ කරන්න ඕනෑ... ඒත් මේ තනතුරු දරන්නේ දේශපාලන හිතවතුන් නිසා මොවුන් රාජ්‍ය සේවයට යොමුකළ දේශපාලුවෝ අතුගා දැමීම තමයි වඩාත්ම සුදුසු වෙන්නේ...!

:       0       0

prasanna Friday, 16 June 2023 10:29 PM

කාලා කාලා තෙල මේ අයට...

:       0       0

ගමේ එකාලා Saturday, 17 June 2023 03:59 PM

ගැහැණු කොණ්ඩවලු පටලවාගෙන හොඳ ගුටිකෙළියක් දිගෙන වගේ? ගැහැණු දෙන්නාවම මාරු කරන්න ඕනේ ඈත පළාතකට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 438 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site