IMG-LOGO

ශ්‍රී ලංකාව වෙත ක්ෂණිකව මුදල් යවන්න අමානා බැංකුව-අල් සමාන් අත්වැල් බැඳ ගනී

ඉස්ලාම් බැංකු මූලධර්මවලට අනුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන අමානා බැංකුව ශ්‍රී ලංකාව වෙත ක්ෂණික ප්‍රේෂණ සේවා සැපයීම සඳහා පසුගියදා අල් සමාන් එක්ස්චේන්ජ් සමඟ එකඟතාවයකට පැමිණියේය.

Amana-Bank-Al-Zaman1
මෙම එකඟතාවය හරහා කටාර් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට වඩාත් විශ්වාසනීයත්වයෙන් පහසුවෙන් අමානා බැංකුවේ ඇති තම බැංකු ගිණුමට හෝ තම ඥාතීන්ගේ බැංකු ගිණුම්වලට මෙන්ම එසේත් නැතිනම් ශ්‍රී ලංකාවේ වෙනත් බැංකුවකට රුපියල් හෝ ඇමෙරිකානු ඩොලර්වලින් මුදල් යැවීමට හැකියාව ලැබෙයි.


කටාර් හි ප්‍රමුඛ පෙළේ ප්‍රේෂණ ආයතනයක් වන අල් සමාන් එක්ස්චේන්ජ් ආයතනය සතුව මේ වනවිට ශාඛා 7 කින් යුතු ජාලයක් ඇති අතර ඒවා සතියේ දින 7 පුරාම විවෘතව පවතී. එම ශාඛා මගින් අල් සමාන් ආයතනයේ පුළුල් විදෙස් විනිමය අනුපාතවලට අනුව ඉතාමත් විශ්වාසනීයව සහ පහසුවෙන් මුදල් යැවීමට හැකියාව ඇත.


අමානා බැංකුවේ ශාඛා 26 ක් මේ වනවිට ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික ස්ථානවල පවත්වාගෙන යන අතර බැංකුවේ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සේවාවන් ලබාගැනීම සඳහා බලයලත් වීසා සහ ඒටීම් යන්ත්‍ර 3500 ක් ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල ස්ථාපිත කර ඇත. එසේම අමානා බැංකුවේ ගිණුම් හිමියන්ට සිය වීසා ඩෙබිට් කාඞ්පත උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාව සහ ලොව පුරා විසිරී සිටින වෙළෙන්දන් 40,000 කට අධික පිරිසකගෙන් භාණ්ඩ සහ සේවා ලබාගැනීමේ පහසුව හිමිවෙයි.



අදහස් (0)

ශ්‍රී ලංකාව වෙත ක්ෂණිකව මුදල් යවන්න අමානා බැංකුව-අල් සමාන් අත්වැල් බැඳ ගනී

ජෙෆ්රි Monday, 26 December 2016 03:08 PM

මම කොහොමද මේ බැංකුවේ සාමාජිකත්වය ලබාගන්නේ? (නි)

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 456 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 628 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site