IMG-LOGO

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය දුෂිතයි

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය දූෂිත සහ දුර්වල බව මැතිවරණ කොමිෂන්  සභාවේ සභාපති නීතිඥ නිමල්  පුංචිහේවා මහතා පැවසීය.

මැතිවරණ කොමිසම මේ ආකාරයට පැවසීම ආන්දෝලනාත්මක විය හැකිවුවත් එය කිව යුතු බවද ඔහු සඳහන්  කළේය.

සභාපතිවරයා මෙසේ පැවසුවේ ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය වෙනුවෙන්  සංවිධාන කෙරුණු වැඩසටහනකට සහභාගී වෙමිනි.

අද බොහෝ පක්ෂ වල තිබෙන්නේ තනි ආධිපත්‍යයක් බවත් ප්‍රධාන නායකයන්ගේ දෘෂ්ටිවාදයෙන් පිට ඒවායේ කටයුතු කළ නොහැකි බවත් සභාපතිවරයා කීවේය.

ඡන්ද අපේක්ෂකයන්ට  අදාල ආචාරධර්ම නීතිගත කළ යුතු බව පැවසූ පුංචිහේවා මහතා එම ආචාරධර්ම ඔවුන්ගේ මුළු  ධූර කාලයටම එකසේ   බල පැවැත්විය යුතු බව ප්‍රකාශ කළේය.

(ඡායාරූප ශාන්ත රත්නායක)



අදහස් (3)

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය දුෂිතයි

විපරමා Thursday, 15 September 2022 04:02 PM

මැතිවරණ ක්‍රියාවලිය රාජපක්ෂකරණය වෙලා තිබුනේ? ඒ කාලේ කොම්පියුටර් ජිල්මාට් ගැනත් රාවයක් තිබුනා .

:       0       0

AB Thursday, 15 September 2022 04:48 PM

ඡන්ද අපේක්ෂකයන්ට අදාල ආචාරධර්ම නීතිගත කළ යුතු බව පැවසූ පුංචිහේවා මහතා එම ආචාරධර්ම ඔවුන්ගේ මුළු ධූර කාලයටම එකසේ බල පැවැත්විය යුතු බව මෙන්ම දේශපාලකයන්ගේ වත්කම් බැරකම් "සෑම වසරකම" මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කලයුතුවේ

:       0       0

Bamunuarachchi Friday, 16 September 2022 07:02 AM

මැතිවරණ පමණද දුෂිත? මිනිස්සු තමන් කැමති පක්ෂයකට ඡන්දය දෙනවා. ඒ චන්ද ගණන්කර දිනපු පක්ෂය ප්‍රකාශයට පත් කෙරෙනවා. ඔය ක්‍රීයා පටිපාටියේ දුෂණයක් අපි දකින්නේ නැහැ. අපි එක එකාගේ චන්ද රැස්වීම් වලට යන්නේ නැහැ. අවුරුදු 5 අත්විඳින අත් දැකීම් හොඳටම ප්‍රමාණවත් ඡන්දය සම්බන්දව තීන්දු තීරණ ගැනීමට.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 462 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 631 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site