දකුණු හා මධ්‍යම ආසියානු වයස 13න් පහළ බාලිකා පාපන්දු ලීග් තරගාවලියේ දී ශ්‍රී ලංකාව විසින් ගෝල 1-0 කට ජෝර්දානය පරාජය කරන ලදී. තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගය එයයි. එසේ වුවත් ශ්‍රී ලංකාව ඊයේ (11) පැවැති තරගයක දී ඉරානය හමුවේ ගෝල 2-0 කින් පරාජයට පත් විය. පෙරේදා (10) ආරම්භ වූ මෙම තරගාවලිය අනිද්දා (14) දක්වා බම්බලපිටිය පොලිස් කී‍්‍රඩාංගනයේ දී පැවැත්වේ. ඒ සඳහා සහභාගි වී සිටින රටවල් ගණන හයකි. මේ අතර අද (12 වැනිදා) පෙරවරු 9.45ට ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව තරගවදියි. හෙට (13) භූතානයට එරෙහිව ද අනිද්දා පලස්තීනයට එරෙහිව ද ශ්‍රී ලංකාව තවත් තරග දෙකකට සහභාගි වේ. ලීග් ක‍්‍රමයට පැවැත්වෙන මෙම තරගාවලියට ඇතුළත් මුළු තරග සංඛ්‍යාව 15කි. වැඩිම ප‍්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායමට තරගාවලියේ ජයග‍්‍රහණය හිමිවේ. ජෝර්දානය පරාජයට පත්කළ තරගයේ දී ජයග‍්‍රාහී ගෝලය ලබාගත්තේ කටුනේරිය ශාන්ත සෙබස්තියන් බාලිකා විදුහලෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටින නදිකා මධුෂානිය. ආසියානු පාපන්දු සමුළුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සහයෝගයෙන් තරගාවලිය සංවිධානය කරන අතර ඒ සඳහා අනුග‍්‍රහය දක්වන්නේ සිලෝන් බිස්කට් සමාගමට අනුබද්ධ ප්ලෙන්ටි ෆුඞ්ස් (සමපෝෂ) සමාගමයි.
2025 නොවැම්බර් මස 04
740
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2398
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්රී ලංකාව ජෝර්දානය පරදවයි