IMG-LOGO

ශ්‍රි දේවී වසර 15කට පසුව නටයි

කාලයක් බොලිවුඩ් සිනමාවෙන් ඈත්ව සිටි  ප්‍රවීණ සිනමා නිළි ශ්‍රී දේවී කපූර් නැවතත් බොලිවුඩ් සිනමාවට එක්ව තිබේ. මීට දෙවසරකට පෙර ඇය රංගනයෙන් දායක වූ 'ඉංග්‍රීලිෂ් විංග්‍රීලිෂ්' චිත්‍රපටය අතිශය ජනප්‍රිය වූ අතර, එහි කළ රංගනය හරහා ශ්‍රී දේවී කපූර්ට එම වසරේ පැවති බොලිවුඩ් සිනමා සම්මාන උළෙල කිහිපයකදීම වසරේ හොඳම නිළිය ලෙස නිර්දේශයන් අතරට එක්වීමටද හැකි විය.

එළැඹෙන ජුනි 23 වැනිදා ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ් නගරයේ පැවැත්වීමට නියමිත 'අයිෆා' සිනමා සම්මාන උලළේදී ශ්‍රී දේවී කපූර් ගීත කිහිපයක් සඳහා නර්තනයෙන් දායකවීමට සූදානමින් සිටින බව වෙබ් අඩවි කිහිපයකම සඳහන්.  ශ්‍රී දේවී කපූර් මෙවැනි සිනමා උලෙළකට නර්තනයෙන් දායක වන්නේ වසර 15කට පසු වන අතර, බොහෝ දෙනෙකු ඇයගේ එම නර්තනය හැකියාවන් නැවත දැකබලා ගැනීමට දැඩි උනන්දුවක්ද මතුව තිබෙන බව මෙම වෙබ් අඩවි වැඩිදුරටත් සඳහන් කර සිටියි. දැනට වාර්තා වන අන්දමට මෙම සම්මාන උලෙළ සඳහා බොලිවුඩ් තරු 150කට අධික ප්‍රමාණයක්ද ප්‍රේක්ෂකයන් 20,000කට වඩා වැඩි පිරිසක්ද එක්වීමට නියමිතයි.



අදහස් (0)

ශ්‍රි දේවී වසර 15කට පසුව නටයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site