IMG-LOGO

වී ගොවීන්ට විසිදාහක පෝර සහනාධාරයක්

 

(අංජුල මහික වීරරත්න)

මහ කන්නයේ දී කාබනික පොහොර භාවිතා කරන වී ‌ගොවීන්ට හෙක්ටෙයාර් එකකට රුපියල් 20,000ක පොහොර සහනාධාරයක් ලබා දීමට මුදල් කමිටුවේ අනුමැතිය හිමි වී තිබේ.

 මහ කන්නයේ වී වගාවේ දී කාබනික පොහොර භාවිතා කිරීම දිරිමත් කිරීම සඳහා කාබනික පොහොර භාවිතා කරන වී ගොවීන්ට රුපියල් 20,000ක සහනාධාරයක් ලබා දීම සඳහා වන යෝජනාව  කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා  මුදල් කමිටුවට ඉදිරිපත් කළේය.

මෙම සහනාධාරය සඳහා රජය විසින් වෙන් කිරීමට නියමිත මුදල රුපියල්  මිලියන 16,000කි.

රසායනික පොහොර භාවීතා කරන වී ගොවීන්ට මෙම කන්නයේ දී ද රුපියල් 10,000ක මුදලකට කිලෝග්‍රෑම් 50ක බරින් යුත් යුරියා පොහොර මිටියක් අක්කරයක් සඳහා නිකුත් කිරීමට  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  අනුමැතිය ලබා දුන් බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

එළඹෙන 2022/23 මහ කන්නයේ දී සියයට 30ක් කාබනික පොහොර හා සියයට 70ක් රසායනික පොහොර යොදා වී වගා කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර තිබේ.



අදහස් (3)

වී ගොවීන්ට විසිදාහක පෝර සහනාධාරයක්

Hafeel Friday, 16 September 2022 12:42 PM

ඒ කකියන්නේ ගොවීන්ට නොමිලේ පොහොර දෙනවා කියල චන්ද කාලේ දීපු පොරුන්දුවට අමතරවද මෙම සහනාධාර දෙන්නේ?

:       1       1

sisilFriday, 16 September 2022 05:36 PM

ලංකාවේ පුරවැසියන්ට කිසිවක් නොමිලයේ මින් ඉදිරියට කිසිඳු රජයක් මගින් ලබාදෙන්නේ නැත...

:       0       0

Bamunuarachchi Saturday, 17 September 2022 07:21 AM

වී මෝල් කාරයින්ට විසිදාහක පොහොර සහනාධාර කියලා වෙනස් කරමු. මොකද සහනාධාරේ වාසිය ගන්නේ මෝල් කාරයින්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 462 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 632 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site