IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වියදම සැර වුණොත් ‘‘ලොක්කට‘‘ අතින් ගෙවන්න වෙයි

(අංජුල මහික වීරරත්න)

රජයේ වියදම් පාලනය කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පරිබාහිර වියදම් කළහොත් අදාල වියදම ගැන ආයතන ප්‍රධානීන් පෞද්ගලිකව වගකිවයුතු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

"රාජ්‍ය වියදම් පාලනය කිරීම" යන මැයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් 2022 -04-26 දිනැති ව යොමු කර ඇති අංක 3/2020 දරණ ජාතික අයවැය චක්‍රලේඛය විධිවිධාන අනුව සියළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් අනිවාර්යෙන් කටයුතු කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බව ජනාධිපති ලේකම්වරයා පවසයි.

මේ කරුණ සම්බන්ධයෙන් දැනුම්වත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්,පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට අද (15) ලිපියක් යොමු කර තිබෙි.

ඉහත චක්‍රලේඛ විධිවිධාන තරයේ අනුගමනය කිරීමට කටයුතු කරන ලෙසත් එයට පරිබාහිරව සිදු කරනු ලබන රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් අදාල අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් පෞද්ගලිකව වගකීමට බැඳී සිටිය යුතු බවත් ජනාධිපති ලේකම්වරයා යැවූ ලිපියේ සඳහන් වේ

 



අදහස් (20)

වියදම සැර වුණොත් ‘‘ලොක්කට‘‘ අතින් ගෙවන්න වෙයි

ප්‍රියන් Monday, 15 August 2022 12:49 PM

වැඩකට නැති උපදේශකයින් පත්කරාට පළමුව අතින් ගෙවියයුත්තේ ඔබතුමායි

:       11       97

ABMonday, 15 August 2022 09:45 PM

අපේ නායකයන් ආයතන ගොඩනඟනවා වෙනුවට තමන්ගේ දේශපාලන ජීවිතය ගොඩනගා ගැනීමට වැඩි අවධානයක් යොමු කළා. වින්දිතයන් ශ්‍රී ලංකික වැසියන්ගේ නිහඬ බහුතරයකි නමුත් සමස්තයක් වසයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ අසාර්ථකත්වයට ශ්‍රී ලාංකිකයන් වගකිව යුතු වේ.

:       0       13

nimalTuesday, 16 August 2022 06:59 AM

2005 සිට 2014 දක්වා සිදු වුයේ ඔවුන්ගේ දේශපාලන ජීවිතය ගොඩනගා ගැනීම නොවේද??

:       0       8

hewaaThursday, 18 August 2022 02:01 PM

100%ක් නැත... සමස්තයක් වශයෙන් ශ්‍රී ලාංකිකයින්ගේ අසාර්ථකත්වයට ශ්‍රී ලාංකිකයන් වගකිව යුතුය..!

:       0       0

ravin Monday, 15 August 2022 12:49 PM

හොඳ වැඩක් විදියට පෙනෙන්නෙ. එ උනත් ඔය කියන නිලදාරින්ට ඉහලින් ඉන්න උදවිය නුගත්නම් අද යවපු චක්‍රලෙකනේට මොකද වෙන්නෙ? උගත් දක්ශයින්ගෙ බුද්දි ගලනයක් නොවෙද? නාස් ලනුව දාන්න ඔනෙ තැනට නොදමා බඩට දැම්මොත් වෙනදේ තමා වෙන්නෙ. කප්පාදුව පටන්ගන්නකො දියවන්නාවෙන්ම.

:       1       67

ganegoda Monday, 15 August 2022 12:57 PM

අතින් විතරක් නෙවෙයි, තව හුඟක් විදිහට ගෙවන්න සිද්ද වෙයි. උදාහරණයකට කිව්වොත් රාජපක්ෂ සමය... මුළු පවුලම පාර්ලිමේන්තුවට වෙලා මඩිය තරකර ගත්තා... අන්තිමට ගුටිත් කාලාදාලා දිව්වා. මතකයිනේ?

:       5       56

සිංහයට පුල්ලිMonday, 15 August 2022 01:50 PM

රටේ ඉන්න බොහොමයක් සිංහලයෝ හෙව්වේ රාජපක්ෂලගේ වැරදිමය! ඒ ගැන රටම සතුටු විය යුතුය. බෙදුනු සිංහලයගෙ වැඩ නිසා අවස්ථාවෙන් ටැමිල් ඊලම් පක්‍ෂය ඉතා කෙටිකලකින් ඔවුන්ගේ පලමු පියවර ජයගත්තේය. එනම් ද්‍රවිඩ සංවිධාන 06 ක තහනම ඉවතට දාගත්තේය. ඉදිරියට ද්‍රවිඩ ඊලාම් රාජ්‍යයේ සිහිනය ඔවුන් ඉටුකර ගන්නවාමය. එදාට සිංහයට කොටි පුල්ලි ඇඟේ පච්චකොටා ගන්න ඒකාන්තයෙන්ම සිද්ධවෙනවාමය.

:       101       24

senaMonday, 15 August 2022 05:29 PM

මුදල් වංචා කරලා රටම හිඟමනයට පත් කරලාට පස්සෙ තවත් මොන ජාතිවාදයක්ද? සියලු ජාතීන් එකතුවෙලා හොරුන් එලවන්න ඕන.

:       4       38

Surain Monday, 15 August 2022 01:52 PM

අරයා එ කියන්නේ හිටපු එක්කෙනා පෝලිමේ ගැසට් ගැහුවා. මෙයා පෝලිමේ ලිපි, නිවේදන නිකුත් කරන්න පටන් අරගෙන. වෙන අමාරු රාජකාරි නැතුව ඇති නේද.

:       7       31

Rohana Monday, 15 August 2022 02:14 PM

මේවා චක්‍රලේඛන විතරයි. රට මේතරම් අර්බුදයකට ගිහින් තියෙන වෙලාවෙත් මැති ඇමැතිවරු එකඑක දීමනා හදාගන්නවා. පසුගිය කාලෙම රටේ නායකයින් මහජන මුදල් කොල්ලකාලා රට අගාධයටම ඇදලා දැම්මා. පළමුවෙන් ඉහළින් ඉන්න අය ආදර්ශමත් වෙලා ඉන්න...

:       1       33

podi mole Monday, 15 August 2022 02:36 PM

පලාත් සභා නැති කරන්න. නැත්නම් ඔයා අතින් ගෙවන්න.

:       2       34

fairoos Monday, 15 August 2022 02:41 PM

රටින් පලාගිය නන්දසේනටත් තවම රජයෙන් තමයි වියදම් කරන්නේ කියලත් ආරංචී

:       9       38

lakvidu Monday, 15 August 2022 04:39 PM

විධායක ජනාධිපති ක්‍රමය නැතිකරලා පාර්ලිමේන්තුවට බලය දෙන්න. එතකොට ඒ සල්ලිත් ඉතුරුයි. නැතිනම් ඔය වියදම ගෙවාගෙන ඉන්න.

:       1       26

Sas Monday, 15 August 2022 08:39 PM

ඕව බොරු කථා. වැරදි කරන රජයේ ඉහල නිලධාරීන්ට දඩුවම් දීපු අවස්ථාවක් ලංකා ඉතිහාසයේ නැත.

:       0       15

pakeer Monday, 15 August 2022 10:21 PM

මේවා හුදෙක් වචන නොවී... ක්‍රියාවේ යෙදෙන්න යැයි ප්‍රාර්ථනා කරමු...

:       0       0

Perera Tuesday, 16 August 2022 12:04 AM

අන්තිමට ඔය ඔක්කොම ගෙවන්න වෙන්නේ රටේ සමාන්‍ය ජනතාවට.

:       0       3

Bamunuarachchi Tuesday, 16 August 2022 05:17 AM

සංස්ථාවල මණ්ඩලවල අතිකාල බෝනස් වැටුප් ගෙව්වාම එම ආයතනවලට අදාළ වැඩ කොටස කරන මුදල් නැතිවේවි නේද?

:       0       2

ටිචර් Tuesday, 16 August 2022 05:31 AM

මෙයාගෙ බොරු ටොක්ස් . දැන් මෙයා ඉන්න යහපාලන කාලෙ දේශ පාලන පලිගත්ත කියල , නඩු දාපු හොර නඩයක් , ගෝත ඇවිල්ල පට්ට හොරෙක් යටතේ කොමිසමක් දාල හොරු රැලට සුදු හුනු ගාල දැන් කෝටි ගානක් ගෙවන්න ,මෙයාගෙ කැබිනට් එකට ඉදිරිපත් කරල. මොනවද මේ අපරාද මිනිසුන්ට වේල කන්න සල්ලි නැ. පට්ට හොරුන්ට කෝටි ගනන් සල්ලි ගෙවනව. මෙයා ගැන බලා පොරොත්තු තියාගෙන ඉන්න මිනිසුන්ට දෙවි පිහිටයි.

:       0       4

wimal Tuesday, 16 August 2022 08:58 AM

අර අර්ජුන් මහේන්ද්‍රන් කියන කෙනාටත් ඔය නීතියද?

:       0       4

sharm warn Tuesday, 16 August 2022 09:04 AM

ඔවා දෙනු පරහට තමා සම්මතහෙි පිහිටා සිට.

:       1       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 158 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 326 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1427 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 216 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 426 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 375 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site