IMG-LOGO

විපක්ෂ නායක පුටුවට අලුත් කෙනකු ගන්න රහස් සාකච්ඡා

(සුජිත් හේවාජුලිගේ)

විපක්ෂ නායක ධූරය  විපක්ෂයේ වෙනත්  මන්ත්‍රීවරයකුට   ලබා ගැනීමට   රහසිගත සාකච්ඡා ආරම්භවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ පිළිබඳ සාකච්ඡා කොළඹ ස්ථාන කිහිපයකදී පසුගිය දිනවල පවත්වා ඇත. සමගි ජන බලවේගය ජනාධිපතිවරණ දෙකක් මහ මැතිවරණ තුනක් සහ පළාත් පාලන මැතිවරණයක් පරාජයට පත් වී ඇති තත්වය යටතේ විපක්ෂ නායක ධූරය සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉවත්කර විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයෙකුට  ලබාදිය යුතු  බවට විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්     දේශපාලන නිරීක්ෂකයෝ    සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු  සහ  බහුජන සංවිධාන  යෝජනා කරති.

වර්තමාන විපක්ෂ නායකවරයා යටතේ විපක්ෂයේ කාර්යභාරය හරියාකාරව ඉටු නොවන බවත් වර්තමාන විපක්ෂය  බොහෝ කාලීන ප්‍රශ්නවලට  ආමන්ත්‍රණය නොකර ආණ්ඩුවට උපදෙස් දෙන පිරිසක් ලෙස කටයුතු කිරීම බරපතළ  ගැටලුකාරී තත්වයක් බවත්  එම පිරිස් පෙන්වා දෙති.

නාමල් රාජපක්ෂ, දයාසිරි ජයසේකර සහ  චාමර සම්පත් දසනායක යන  මන්ත්‍රීවරුන් විපක්ෂයේ කාර්යභාරය අද   මැනවින් ඉටුකරන හෙයින් ඔවුන්ගෙන් අයෙකු විපක්ෂ නායක ධූරයට පත් කරගත යුතු බවට බොහෝ පිරිස් යෝජනා කරති. මේ අතර විපක්ෂ නායක ධූරය වෙනත් අයෙකුට  ගැනීමට ඇති හැකියාව සහ නීතිමය පසුබිමද  මේ දිනවල විමර්ශනය කෙරෙන බව දැන ගන්නට ඇත.

සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු විසින්  පක්ෂ නායකවරයාට චෝදනා කෙරුණු අවස්ථාවේදී ඔහු වෙනුවෙන් කරුණු  දැක්වීමට විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු ඉදිරිපත් නොවීම විශේෂත්වයකි.

 පසුගියදා පැවති එම පක්‍ෂයේ කළමනාකරන මණ්ඩල රැස්වීමේදී අදහස් දක්වා ඇති විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර ඇත්තේ තමා වෙනුවෙන් මන්ත්‍රීවරුන් පෙනී නොසිටින්නේ නම් තමා පෞද්ගලිකවම හෝ  ඒ වෙනුවෙන් පෙනී සිටින බවයි.

මේ අතර සමගි ජන බලවේගයෙන් පසුගියදා සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ඉල්ලා මුලසුන විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරන මන්ත්‍රීවරයාගේ නම අඩ ගැසූ අවස්ථාවේදී  මන්ත්‍රීවරයා නොසිටීම නිසා  සභාව කල් තැබීම හේතුවෙන් එම විවාදය කඩාකප්පල් විය. විපක්ෂයේ අකාර්යක්ෂමතාව මින් පෙන්නුම් කෙරුණු බව දේශපාලන විචාරකයෝ සඳහන් කරති.

මේ අතර හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසන්නේ සමග ජන බලවේගයේ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බවයි. නායකත්වයට සුදුසු සැලකිය යුතු පිරිසක් එම පක්ෂයේ සිටින බව පැවසූ හිටපු අමාත්‍යවරයා  මැතිවරණ පරාජය  වීම පිළිබඳව සජිත් ප්‍රේමදාස මෙන්ම එහි  සෙසු සාමාජිකයන්ද වගකීම බාරගත යුතු බව ප්‍රකාශ කළේය.



අදහස් (5)

විපක්ෂ නායක පුටුවට අලුත් කෙනකු ගන්න රහස් සාකච්ඡා

68% එකෙක් Sunday, 20 July 2025 10:59 AM

එතකොට විපක්ෂනායකගේ කර්යය භාරය විදිහට මේ අය දකින්නේ මයික් එකක් අල්ලාගෙන පාර්ලිමේන්තුවේ ගිරිය යටින් කෑගහන එකද ? ඔය යෝජනා කරලා තියෙන නම් වලින් පෙන්නේ එක.

:       3       9

de silva berlin Sunday, 20 July 2025 11:08 AM

ශ්‍රී ලංකාවේ එකම දේශපාලන පක්ෂයක් තුළවත් පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. වසර 10-15 ඉන්නේ එකම නායක මණ්ඩලයක්...

:       1       4

ටිල්වින් සීයා Sunday, 20 July 2025 11:12 AM

කවුරුත් නොහිතන පරිදි විපක්ෂනායක පුටුවට කජු සීයා ප්‍රාදූර්භූත වුනොත් මළකෙලියයි...

:       1       7

nanda Sunday, 20 July 2025 01:40 PM

නායකයෝ වෙනස් කරාට දිනන්න බැහැ... පවතින රජය ජනතාවට එපා වෙනකන්ම. ජවිපය මැතිවරණ කීයක් පැරැදුණාද නායකයා නිසා නොවේ... නේ...

:       0       9

Nihal Dharmatileke Sunday, 20 July 2025 02:52 PM

අද තිබෙන රජයේ හැටියට විපක්ෂය කියන්නේ සදාකාලික විපක්ෂයේ විදිහට පෙනී සිටීමයි. ඉතින් කවුරු ආවත් රජයේ සීසනල් නැහැ...

:       5       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 470 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 635 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 259 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site