IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


වව්නියාව සාලම්බකුලම් ගම්මානය හුදකලා කරයි

(  සිතුම් චතුරංග)

        වවුනියාව , සාලම්බකුලම් ගම්මානයෙන් කොවිඩ් - 19  වයිරසය ආසාදිත කාන්තාවක හා කුඩා දරුවකු හදුනාගැනීමත් සමඟ අද(12) සිට එම ගම්මානය නැවත දැනුම්දෙන තෙක් හුදකලා කිරීමට පියවරගත් බව වවුනියාව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

        පසුගියදා කොළඹ සිට පැමිණ ඇති මවක හා ඇගේ කුඩා දරුවාට වැළඳුණු උණ රෝගී තත්වයක් හේතුවෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂාවකදී කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී ඇති බවට අනාවරණයවූ බවද සඳහන් කළේය.

        එලෙස වෛරසය ආසාදනයවී ඇත්තේ වයස අවුරුදු 27 කාන්තාවකට හා වයස අවුරුදු පහක් වන කුඩා දරුවකුට වේ.

        අසාදිත කාන්තාව ප්‍රදේශයේ නිවාස කිහිපයකට ගමන්කොට ඇති අතර එම තත්වය සැලකිල්ලට ගනිමින් සාලම්බකුලම් ගම්මානය හුදකලා කිරීමට පියවරගත් බව ප්‍රදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

          ගම්මානයේ පවුල් 382 ක් පමණ මේ වනවිට හුදකලා කොට ඇති අතර එම කාන්තාව සමීපව ඇසුරුකළ පවුල් පහක පුද්ගලයින් කිහිපදෙනකුගේ පී.සී.ආර් සඳහා ජෛව සාම්පල ලබාගත් බවද ප්‍රකාශ කළේය.

        මේ වන විට සාලම්බකුලම් ගම්මානයට ඇතුළුවීම හා පිටවීම වළක්වමින් ආරක්ෂක අංශ විසින් තාවකාලිකව මුරපොළවල් ඉදිකොට මාර්ග වසා දමා තිබේ.

        ඇසුරු කළ පුද්ගලයින්ගේ පී.සී.ආර් වාර්තා අනුව තවදුරටත් ගම්මානය හුදකලා කිරීම සිදුකරන බවට සාකච්ඡා කිරීමෙන් අනතුරුව තීරණයක් ගන්නා බවද වවුනියාව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

 

      



අදහස් (0)

වව්නියාව සාලම්බකුලම් ගම්මානය හුදකලා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 601 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site