IMG-LOGO

වැලි වංචාව හැංගූ බුද්ධි නිලධාරියා ගෙදර

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මදුරන්කුලිය මුක්කු තොඩුවාව ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය වැලි කැණීම් ස්ථානයක් ගැන තොරතුරු අනාවරණය කරගෙන ඒ ගැන තොරතුරු ලබා නුදුන් බව කියන මදුරන්කුලිය පොලිසියේ බුද්ධි අංශ නිළධාරියකුගේ වැඩ තහනම් කර ඇත.

මූලික විමර්ශනයක් පවත්වා මෙම පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇත්තේ පුත්තලම සහකාර පොලිස් අධිකාරී 1 විසිනි.

මාළු ඇති කිරීමේ ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් මුක්කු තොඩුවාව ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස වැලි ගොඩ දැමීමේ ස්ථානයක් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වටලා එහි සේවය කළ පුද්ගල‍ෙකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.

වැලි කැනීම් සණීම් සිදු කිරීම සඳහා යොදාගත් ජේ.සී.බී වර්ගයේ යන්ත්‍රයක් සහ වැලි ප්‍රවාහනය කිරීමට යොදා ගත් බවට සැලකෙන ටැක්ටර් රථයක්ද මෙම පොලිස් කණ්ඩායම බාරයට ගෙන ඇත.

 



අදහස් (0)

වැලි වංචාව හැංගූ බුද්ධි නිලධාරියා ගෙදර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site