IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


වරායෙන් පිට කරපු කන්ටේනර්වල තිබ්බේ ආයුධ: අර්චුනා නැවත කියයි

(සුජිත් හේවාජුලිගේ  සහ  අංජුල මහික වීරරත්න)


වරායෙන් පිට කරපු කන්ටේනර්වල තිබුණේ  අවි ආයුධ බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යැයි  මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී අද (14)  නැවතත්  පැවසීය.

යුරෝපයේ සංචාරය කළ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් තවත් ලිය කියවිලි තමාට ලැබුණු බවද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසරය ඇතිව  ප්‍රකාශයක් කරමිනි.

අර්චුනා රාමනාදන් මහතා  මෙසේද පැවසීය.

මේවා බිමල් ඇමතිතුමා ඉද්දී නිදහස් කරපු කන්ටේනර්. මම යුරෝපයේ සංචාරය කරපු වෙලාවේ මට තවත් ලියකියවිලි හම්බ වුණා.  ඒ කන්ටේනර්   තුන්සිය විසි තුනේ    තිබුණේ  අවි ආයුධ තමයි.  ඕන නම් මාව සීඅයිඩියට  ගෙනියන්න.  සී අයිඩියට විතරක් නෙවෙයි ඉන්ටපෝල් වුණත් ගෙනියන්න. 

 

කන්ටේනර් වාර්තාව දාන්න කියන්න.  කොමිටිය පත් කරන්න.  ඇයි මාව විතරක් ඇද ගන්නේ. මම නැවත කියනවා ඒවායේ  තිබ්බේ ආයුධ තමයි. මම වගකීමෙන් කියන්නේ.

මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා:

එතුමා පැහැදිලිව කියනවා ආයුධ තිබුණා කියලා.  සනාථ කරන්න පුළුවන් කියලා කියලා. එතකොට ඒ කන්ටේනර් නිකුත් කරපු ඇමතිවරයා මොකද කියන්නේ.  මේක බරපතළ කාරණයක්



 

 



අදහස් (5)

වරායෙන් පිට කරපු කන්ටේනර්වල තිබ්බේ ආයුධ: අර්චුනා නැවත කියයි

ගුණරත්න Friday, 14 November 2025 02:22 PM

මේ මනුස්සයා මේ කාරණේ ගැන කිහිප සැරයක්ම කිව්වා. මට හිතෙන්නේ මේක නිකම් බැහැර කරන්න බැහැ යම් සත්‍යයක් ඇති...

:       12       22

ප්‍රියන්තFriday, 14 November 2025 02:42 PM

ගුණරත්න, එතකොට ඒවායේ තිබුණේ කුඩු කියලා ඔයාලා කිව්වේ බොරුද...?

:       7       13

W H S P WithanageFriday, 14 November 2025 03:41 PM

දෙකම විය හැකියි.

:       4       5

Chandima Friday, 14 November 2025 02:28 PM

මෙයා ආපු දවසේ ඉදලා උතුරේ ජනතාවගේ ප්‍රශ්නයක් වෙනුවෙන් කතා කරලා නැහැ නේද?

:       8       16

නිලන්ති Friday, 14 November 2025 02:52 PM

මේ කාලකණ්නි ආණ්ඩුව ආයෙමත් උතුරේ යුද්ධයක් ඇති කරනවා. දකුණට කුඩු සහ අයිස්, උතුරට ආයුධ සහ ඊලම...

:       8       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 740 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2398 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site