(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වැදගත් වන්නේ නීති රීති පැනවීම නොව නීති රීති ක්‍රියාත්මක කිරීම බව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය ට සහභාගී වෙමින් නිරෝෂන් පෙරේරා මහතා මේ බව කීය.
මෙරට විවිධ කොමිෂන් සභා පිහිටවූ නමුත් ස්වාධීන කොමිෂන් වලට පත් කළ ඇතැම් නිලධාරීන් ස්වාධීනව හැසිරුනේ නැතැයි ස්වාධීන කොමිෂන් බෝඩ් ලෑලි වලට පමණක් සීමා වු බවද නිරෝෂන් පෙරේරා මහතා කීය.
අයවැය කාර්යාලය යන සංකල්පය හොඳ වුණත් පාර්ලිමේන්තුවේ සිටින නායකයන් සහ දේශපාලන සංස්කෘතිය එම කාර්යාලයේ ස්වාධීනත්වය යටපත් කිරීමට අනාගතයේ ක්‍රියාත්මක වේ දැයි සැකයක් තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වැදගත් වන්නේ නීති රීති පැනවීම නොව ක්‍රියාත්මක කිරීමයි
ලුම්බිණි Tuesday, 20 June 2023 01:59 PM
ඒක තේරුම් ගත්ත නම් ලොකු දෙයක්.
Bamunuarachchi Thursday, 22 June 2023 08:14 AM
නීති පනවන්නේ නැතුව ක්‍රීයාත්මක කරන්න බැහැනේ. ඒ නිසා අවශ්‍ය නීති පැනවීම හා ක්‍රියාත්මක කිරීම එක වගේම වැදගත්.