(නිමල කොඩිතුවක්කු)
වත්මන් ජනාධිපතිවරයා රාජපක්ෂ පවුලේ සහ පොහොට්ටුවේ ප්‍රාණ ඇපකරුවෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(15) පැවසීය.
ජන පීඩිත ආණ්ඩුව එළවා දමා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථිපිත කිරීම පොදුජන අරගලයේ අරමුණ වුවත් අවසානයේ සිදු වූයේ රටේ ආර්ථික ඝාතකයක් වූ පිරිසට ආවඩන, ඔවුන් ආරක්ෂා කළ හැකි පුද්ගලයකු ජනාධිපති පුටුවේ අසුන් ගැනීම බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
රටේ ආර්ථිකය ඝාතනය කළ රාජපක්ෂවරු ඇමතිකම් බාර නොගත්තත් ඔවුන්ට හිතවත් පාර්ශ්වය විසින් ඇමතිකම් ලබා ගෙන රාජපක්ෂලාට අවශ්‍ය ලෙස රට පාලනය කරන බව සමගි ජනබලවේගයේ අම්පාර ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
ජනතාව අපේක්ෂා කළ වෙනස මෙය නොවන බැවින් මැතිවරණයකින් එම වෙනස සිදුවිය යුතු බවත් ඒ සඳහා සියලු දෙනාම සූදානම් බව ත් විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වත්මන් ජනාධිපතිවරයා රාජපක්ෂ පවුලේ සහ පොහොට්ටුවේ ප්‍රාණ ඇපකරුවෙක්
gamini yapa Thursday, 15 September 2022 05:27 PM
බැරිස්ටාර්වරයෙක් වුණ ජනාධිපති කාගෙවත් ප්‍රාණ ඇපකරුවෙකු වෙන්නේ නැහැ. නීතිය ඉගෙන ගෙන එනන් ලෝ කොලේජ් ගිහින්. නයකකම් කරන්න ආසයි බයයි වෙලා කොහොමද? අන්න ඒ ගති නැති කර ගෙන නීතිය ගැන දැනගෙන තර්ක විතර්ක වලට එන්න. අඩුකම මේ ප්‍රදර්ශනය වෙන්නේ.
Amara Friday, 16 September 2022 07:22 AM
දැන් කියවල වැඩක් නැහැ. එකට හේතුව සජබේ ම තමයි.
pj Friday, 16 September 2022 09:13 AM
පෙනෙන්නේ ඒ වගේ වුණත් ඇත්ත එය නොවේ. පණහක් තියාගෙන ඔයා ඔය මොනවද කරන්නේ...? එක අසුනක් තියාගෙන එයා පසුගිය මාස දෙකතුන ඇතුළත කරපු දේ රටට දැනුණු බව කොටස් වෙළඳ පොළෙන් අද පෙනෙන්න පටන් අරන්. අපේම කරුමෙට අපේ රටේ නොඉපදිය යුතුව තිබූ කිහිප දෙනෙක්ම ඉන්නවා. ඒ වෙනුවට කිරිහරක් කිහිප දෙනෙක් හරි ඉපදුණා නම්..!