IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලෝක බැංකුවෙන් රතු එළියක්

(විමුක්ති එස් රුද්‍රිගු)

අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට මුදල් නොමැතිව සිටින ශ්‍රී ලංකාවට නිශ්චිත සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරන තෙක් නව මූල්‍ය පහසුකම් සැපයීමට සැලසුම් නොකරන බව ලෝක බැංකුව ඊයේ (24) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ

"ශ්‍රී ලංකාව සඳහා දැනටමත් අනුමත කර ඇති ව්‍යපෘතිවල සම්පත් යොදා ගනිමින්  අත්‍යාවශ්‍ය ඖෂධ සඳහා ගෙවීමට,දිළිඳු ජනතාවට,අවදානමට ලක් වූ පවුල්වලට,ගොවියන්ට සහ කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීමට මෙන්ම අවදානමට ලක් වූ පවුල්වල පාසල් දරුවන්ට ආහාර සැපයීමට ලෝක බැංකුව කටයුතු කරයි.ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකමය ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සුදුසු ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට ලෝක බැංකුව සහාය ලබා දෙයි.ලෝක බැංකුව ශ්‍රී ලංකාව සඳහා  කෙටි කාලීන හෝ දීර්ඝ කාලීන ණය දීමට සැලසුම් කර ඇතැයි පල වූ මෑත කාලීන මාධ්‍ය වාර්තා නිවැරදි නොවේ."



අදහස් (9)

ලෝක බැංකුවෙන් රතු එළියක්

fairoos Wednesday, 25 May 2022 12:04 PM

ජාත්‍යන්තර සම්බන්ධතා ඇති අගමැති දැන් මොනවද කරන්නේ?

:       69       28

Hafeel Wednesday, 25 May 2022 12:28 PM

කෝ අපේ ජාත්‍යන්තරය පිළිගත් සහ ජාත්‍යන්තරය දිනාගත්තු රනිල්? ඔහු අද ජීවතුන් අතර හිටියා නම්, අපිට වටිනවා...

:       58       28

Prabha Wednesday, 25 May 2022 12:44 PM

ප්‍රතිපත්ති හදන්න තියෙන පාර්ලිමේන්තුවේ කවද්ද හරවත් කථාවක් ඇහුණේ?

:       0       40

සිල්වා Wednesday, 25 May 2022 12:57 PM

ලෝක බැංකුවත් එක්ක තියෙන ප්ලග් එක ගැලවිය යුතුයි.

:       28       7

Deepal Nirosh Wednesday, 25 May 2022 01:09 PM

ලෝක බැංකු නිගමනය අපට අහිතකර හා අර්බුදජනක වුවත් ජාත්‍යන්තර මූල්‍යායතනයක් වශයෙන් ගත් ස්ථාවරය නිවැරදියි. රනිල් හෝ කවුරු අගමැති වුවත් ලෝක බැංකුව අනුගමනය කරන්නේ මේ ප්‍රතිපත්තියමයි. දැන්වත් අපේ බලධාරීන් තත්ත්වය තේරුම් ගෙන නිවැරැදි ප්‍රතිපත්තිමය මාර්ගයකට වහවහා එළඹිය යුතුයි...

:       2       26

Darma Wednesday, 25 May 2022 01:43 PM

ඉතින් රනිලුත් 2020 ඉඳන් කියන්නේ මේ කතාවනේ...

:       10       26

de silva Wednesday, 25 May 2022 03:45 PM

පාර්ලිමේන්තුවේ ඇමැති මණ්ඩල ඔලුගෙඩි ටික එහාට මෙහාට මාරුකරලා, රනිල් අගමැති කරලා ලෝක බැංකුව මුලා කරන්න බැහැ. නන්දෙට කිසිම සැලසුමක් නැහැ. ලෝක බැංකුවට අවශ්‍ය අනාගතේ අපි ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව නිසි සැලසුමක් සහ ස්ථාවර ආණ්ඩුවක්...!

:       17       8

Kanthi Wednesday, 25 May 2022 07:52 PM

රනිල් වික්‍රමසිංහ ඉන්නේ රාජපක්ෂලත් එක්ක. රාජපක්ෂලා මුළු ලෝකයෙන්ම කොන් වෙලා ඉන්නේ. ඉතින් අපිට සහනයක් ලැබෙයිද?

:       0       9

sampath Saturday, 28 May 2022 03:28 PM

මේ තරම් දීන වුණේ අපේ වැරැද්දෙන්.. අපි ඒක හදාගනිමු.. නැත්නම් අපිට සිද්ද වෙන්නේ කාගෙ කාගේත් අතකොලු බවට පත්වීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 140 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 297 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1281 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 179 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 382 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 349 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site