(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මෙම මස 10 වෙනිදා සිට 15 වෙනිදා දක්වා ශ්‍රී ලංකාව වසා දැමීමට කටයුතු කරන බවත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරක් සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.
එම තොරතුරෙහි කිසිදු සත්‍යය තාවයක් නොමැති බවත් මේ දක්වා එවැනි තීරණයක් ගෙන නොමැති බවත් මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසීය.
මෙලෙස අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ජාලා තුල මුදා හරින සහ බෙදා හරින පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
’ලංකාවම ලොක්ඩවුන් කරන කතාව බොරුවක්’
සනත් වීරකෝන් Saturday, 04 April 2020 02:42 PM
ඇඳිරි නීතිය දාලා තියනවටත් වැඩිය ලොක්ඩවුන් එකක් තියෙනවද?
ලියනගේ Saturday, 04 April 2020 03:15 PM
ලංකාවම ලොක්ඩවුන් කරන කතාව අසත්‍ය හෝ සත්‍ය වුවත් රටේ ජනතාවගේ සුබසිද්දිය ගැන සිතා සති 3ක කාලයක් ලංකාවම ලොක්ඩවුන් කර ආරක්ෂක අංශ සහ අත්‍යවශ්‍ය සේවා මගින් සති තුනකට අවශ්‍ය අහාර සහ බෙහෙත් නිවසට ගෙන ගොස් ලබාදීමේ ක්‍රියාවලියක් ඇති කිරීමෙන් සිදුවෙමින් පවතින විනාශය බොහෝදුරට අඩු කර ගත හැකිවේ. සැලසුම් කර ක්‍රියාවට නැංවීම කළහොත් මෙය අපහසු නොවේ. එසේ කිරීමට රට තුල අහාර / බෙහෙත් තිබේද කියා ප‍්‍රශ්නයක් ඇත. ගුවන් ගමන් සහ නාවික ගමන් තවදුරටත් සීමිත කිරීම නුදුරේදීම සිදුවනු ඇත. එවිට වියලි ආහාර ලංකාවට ගෙන්වාගැනීම අතිශය දුෂ්කර වනු ඇත. පක්ෂ බේදවලින් තොරව රටේ නායකයන් එක්ව බුද්ධිමත් තීරණ නොගත හොත් ඉදිරිදී රටේ ජනතවට අතිශය දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවනු ඇත. මේ බැරෑරුම් මොහොතේ සිදුවිය යුත්තේ සිල්ලර දේශපාලනයෙන් තොරව බුද්ධිමත්, හැකියාවන්ගෙන් සහ මානුෂිය හැගීමෙන් සිතා වැඩ කළහැකි පක්ෂ විපක්ෂ කණ්ඩායමකගෙන් සැදුම් ලත් කණ්ඩායමක් වෛද්‍යවරුන් ද ඇතුලත් කොට සැලසුමක් ඇතිකොට ක්‍රියාත්මක වීම වේ. එසේ කිරීමට රජය අපොහොසත්ව පසුව රටේ තත්වය බැරෑරුම් වූ පසු විපක්ෂයට බැනවැදීමෙන් පලක් නොවේ.
sumuduSaturday, 04 April 2020 05:50 PM
ලොක් ඩවුන් නෙමෙයි ෂට් ඩවුන් කරත් කමක් නැහැ මිනිස්සුන්ට කන්න බොන්න අතට සල්ලි එන විදිහක් හදලා. දැනටමත් ඇඳිරි නිතිය දාල සති 02 වැඩි. කොහෙද කියන්න ඔය අහාර සහ බෙහෙත් නිවසට ගෙන ගොස් ලබාදීමේ ක්‍රියාවලියක් තියෙන්නේ කියලා. හොද වෙලාවට හොරෙන් හරි පොඩි පොඩි කඩවල් ඇරලා මිනිස්සුන්ට බදු විකුනන්නේ. ප්‍රධාන මාර්ගයෙන් ඇතුලේ තියන ගෙවල් වලට ලොරි වලින් ගෙන්නලා විකුණන බඩු ලැබෙන්නේ නැහැ.
Prabha Saturday, 04 April 2020 04:13 PM
අනතුරුදායක නම් එසේ සිදුකරත් ඇති වරද කුමක්ද? වැදගත් වෙන්නේ මිනිස්සුන්ගේ ජීවිතයි.
lalithm Saturday, 04 April 2020 04:15 PM
සත්‍ය අසත්‍ය කොහොම වුනත් එවැන්නක් කරනවා නම් හොඳයි. නැතිනම් අවුරුදු කන්නයි ළඟ ගෙවල් වලට නෑගම් යන්නයි වගේ විකාර කරන්න පටන් ගනීවි ගම් ප්‍රදේශවල. අපේ මිනිස්සුන්ට සමහර ගති අත්හරින්න බැරි කමක් තියෙනව නේද?
Champa Saturday, 04 April 2020 05:17 PM
අනේ මන්ද. 2017 අප්‍රේල් මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුන. ඒ අවුරුද්දේ වෙසක් එකට මෝදිව ලංකාවට ගෙන්නුවා. 2018 අප්‍රේල් සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇවිල්ල fb එකත් වැහැව්වා. පස්සේ ආණ්ඩුව වෙසක් තොරණත් තහනම් කළා. 2019 අප්‍රේල් පාස්කු ඉරිදා ප්‍රහාරය වුනා. ඒ එක්කම ගිය ආණ්ඩුව වෙසක් පෝයත් වෙනස් කරලා තිබ්බ නිසා වෙසක් හරියට සමරුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විතරයි. දැන් 2020 අප්‍රේල් කොරෝනා ඇවිල්ල. අවුරුදු නැහැ. වෙසකුත් නැති වෙයි වගේ. සිංහල බෞද්ධ අපේ රටට මොකක් වුනාද කියල හිතෙනවා.
Devinda Uduwara Saturday, 04 April 2020 08:58 PM
රජා භවතු ධම්මිකෝ...
චමින්දSunday, 05 April 2020 01:42 AM
ඇයි මෙයට අවුරුදු 49 කට පෙර 1971.04.05 දින ඇතිකල කැරැල්ල. ඒකාලේ 30000 කට වැඩි තරුණ පිරිසක් මැරුණා ඒ කාලෙත් අවුරුදුත් නැහැ. මේ ඔක්කොටම හේතුව සමගිය බලයවේ කිව්වට බලතන්හාව නිසා ලංකාවේ පක්ෂය රජකිරීම මිස සමගියක් නැතිකමයි ජනතාව තුල ආතමාර්තය මිස කිසිම විනයක් නැතිකමයි
siriSunday, 05 April 2020 04:41 AM
ඔය ලිස්ට් එකේ තිබෙන පහුගිය වසරවල වුනු සියලුම දේවල් ලංකාවට පමණක් සිදුවෙච්ච දේවල් බොහොම ලෙසට. නමුත් කොරෝනා කියන්නේ ලෝකෙටම සිදුවෙන දෙයක්, ලංකාවෙන් පටන් ගත්ත දෙයකුත් නෙවෙයි. සිංහල බෞද්ධ කමට විතරක් අත දික්කරකර ඉන්නේනැතුව මොලේ පාවිච්චි කරන්න. ඇඳිරි නීතිය දාන්න මුල්වුණු හේතු හිතන්න.
sampath Saturday, 04 April 2020 05:21 PM
මේ තත්වය යටතේත් මිනිස්සුන්ට ඉතාමත් දුෂ්කරතාවලට මුණ දෙනවා... එවැන්නක් වුනොත් මිනිස්සු ගෙවල්වල මැරිලා යයි. හොදම දේ අවශ්‍යය... ගෙවල් වලට වෙලා ඉන්න අවශ්‍ය අය වැඩ කරගන්න ඉඩ දෙන්න. මේකේ ගෙවල් වල ඉන්න යමි බොරුවට බයේ දගලන්නේ තමන් ගෙට යන්නෙත් නෙත්නම් තමන් එලියට යන්නෙත් නෙත්නම් ඇයි මේ බයවෙලා මිනිස්සු එලියට බහින්නේ?
Perera Sunday, 05 April 2020 04:12 AM
ැය 24 පුරාවටම ඇඳිරි නීතිය දාන එක ලොක් ඩවුන් එකට වඩා දරුණු කියල තේරෙන්නේ නැද්ද? මම ඉන්න නවසීලන්තේ මුළු රටම ලොක් ඩවුන් ඒ වුනාට මිනිස්සු එහෙ මෙහෙ යනවා අත්‍යාවශ්‍ය දේ ගන්න කියා කියලා එකට නීතියෙන් තහනමක් නැහැ.
shyamaSunday, 05 April 2020 09:25 AM
නවසීලන්තයේ මුළු ජනගහනය මිලියන් 5ක් වත් නැහැ. ඒ වගේම රට විශාලයි ඉතින් ලොකු නගර ටිකේ ඇරෙන්න අනික් කට්ටියට එක ගොඩේ ඉන්න ඕන නැහැ. අනික කළුතර වගේ එක ජන කොටසක් තමුන්ට ඕන විදිහට ඔය රටේ හැසිරෙනවද? නියම තොරතුරු නොදැන කතාකරන්න එපා.
වසන්ත Sunday, 05 April 2020 04:48 AM
අද ලෝකයම අනතුරැදායක තත්වයක තියෙන්නේ මේ තත්වය පාලනය කරන්න රජය ගන්නා උත්සහය අගය කල යුතුයි. නමුත් රටේ පුරවැසියන් වශයෙන් අපි එයට අවංකවම දායක වෙනවද කියලා පේන්නේ නැහැ. එහෙම වෙනව නම් ඇදිරි නීතිය කැඩීම 11000 ක් සිදුවෙන්න බැහැ. රටේ සමහර පලාත්වල කවදාවත් උදැල්ලක් අල්ලපු නැති මිනිස්සු උදලු බැදන් ඇවිදින්න යනවා නම් කාටද මේ බොරැව කරන්නේ. මේක සෙල්ලමකට ගන්න එපා අපි ඉන්නේ භායනක අනතුරක් ඉදිරියේ .