(විමුක්ති එස් රුද්‍රිගු)
යුක්රේනයේ කාර් කිව් ප්‍රදේශයේදී රුසියානු හමුදා ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙකු මුදාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (20) සවස් වනතුරුත් යුක්රේන රජය නිල ප්‍රකාශයක් ලබා දී නැතැයි විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර් ග ප්‍රකාශ කළේය.
මෙම පිරිස පිළිබඳ ඉන්දියාවේ යුක්රේන තානාපති කාර් යාලය,තුර් කියේ ශ්‍රී ලංකා තානාපති කාර් යාලය සහ තුර් කියේ යුක්රේන තානාපති කාර් යාලය ඔස්සේ යුක්රේන රජයෙන් තොරතුරු ඉල්ලා ඇති බවත් යුද්ධය පවතින ප්‍රදේශයක් බැවින් තවමත් යුක්රේන රජයෙන් නිල ප්‍රකාශයක් ලැබී නොමැති බවත් විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
ඔවුන්ට ඉංග්‍රීසි භාෂාව හෝ යුක්රේන භාෂාව කතා කළ නොහැකි බැවින් ඔවුන් යුක්රේන විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන්නේ කෙසේදැයි ප්‍රශ්නයක් බවත් ඔවුන් සියලු දෙනාම ශිෂ්‍යයන්ද එසේත් නැතිනම් කොටසක් ශිෂ්‍යයින්ද යන ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගැනීම සඳහා යුක්රේන රජයෙන් ප්‍රකාශයක් ලැබෙන තෙක් සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.
පෙරේදා (19) පැවති මාධ්‍ය හමුවකදී මෙම ශ්‍රී ලාංකිකයන් හත් දෙනා වෛද්‍ය සිසුන් නොවන බවත් ඔවුන් නීතිවිරෝධීව යුරෝපය බලා ගමන් කිරීමට උත්සහ කළ පිරිසක් බවත් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ප්‍රකාශ කළේය.මොවුන් ශ්‍රී ලාංකික දෙමළ පිරිසක් බවත් ඔහු සඳහන් කළේය. මෙම ශ්‍රී ලාංකිකයන් හත් දෙනා නීති විරෝධී මිනිස් ජාවාරම්කරුවෙකු මාර් ගයෙන් යුක්රේනයට ගොස් ඇති බවත් එහිදී කර් මාන්ත ශාලාවක රැකියාව කර ඇති බවත් බාලසූරිය මහතා පැවසුවේය.
රුසියානු හමුදා ඔවුන් රඳවා ගත් අවස්ථාවේ ඔවුන්ට වධ දී ඇති බව කීමට අපහසු බවත් බාලසූරිය මහතා පෙන්වා දුන්නේය.එසේම ශ්‍රී ලංකාවට පැමිණීමට ඔවුන් කැමැත්ත ප්‍රකාශ කර නොමැති බවත් බාලසූරිය මහතා ප්‍රකාශ කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ලාංකිකයන් හත් දෙනා මුදවා ගැනීම: යුක්රේනය තවමත් නිල ප්‍රකාශයක් කර නෑ
තාරක Wednesday, 21 September 2022 01:47 AM
තාරක බාලසූරියලාගේ නිවටකම තමා මේ පෙන්නුම් කරන්නේ තාරක බාලසුරිය ඔක්කොම විස්තරත් හොයාගෙන දැන් නිල ප්‍රකාශ ලැබෙනතුරු බලාගෙන ඉන්නවා රුසියානු හමුදාවේ අපරාධ සුද්ද කරන්න හදනවා සුලු වාසිවලට