(අංජුල මහික වීරරත්න)
රිදියගම සෆාරි සත්වෝද්‍යානයේ දෙවන කොටස ලබන මස 4 දින සිට ජනතාවට විවෘත කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම,වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
ශ්‍රීලංකාවේ පළමු සෆාරි සත්ව උද්‍යානය වන හම්බන්තොට සෆාරි සත්වෝද්‍යානයේ දැනට මහජනතාව සඳහා විවෘත කොට තිබෙන්නේ මුළු භූමි ප්‍රමාණයයෙන් අක්කර 34ක කොටසක් පමණි.
ඔක්තොබර් මස 04 දිනට යෙදී තිබෙන ලෝක සත්ව දිනයට (World Animal Day) සමගාමීව රිදියගම සෆාරි උද්‍යානයේ දෙවන කොටස විවෘත කිරීමට ජාතික සත්වෝද්‍යාන දෙපරාත්මේන්තුව සැලසුම් කර තිබේ.
රිදියගම සෆාරි උද්‍යානය සඳහා අක්කර 500 ක පමණ බිම් පෙදෙසක් වෙන් කොට ඇති අතර විවිධ සතුන් වර්ග සඳහා කලාප 13 ක් පිහිටුවා තිබේ. දැනට ඉන් අක්කර 200 ක පමණ ප්‍රමාණයක් සංවර්ධනය කොට එහි පරිපාලන ගොඩනැගිලි, සත්ව රෝහල, නරඹන්නන්ට පහසුකම් සලසන ස්ථාන, අලෙවි හල් වාහන නැවතුම් ස්ථාන ආදිය හා සත්ව කලාප කිහිපයක වැඩ නිමකර ඇත.
මේ සත්ව කලාප වන්නේ අක්කර 35 ක පමණ භූමි ප්‍රදේශයක පවතින අප්‍රිකානු සිංහ කලාපය, අක්කර 80 ක පමණ පැතිරී ඇති ශාඛ භක්ෂක සතුන් කලාපය හා අක්කර අක්කර 54 කින් යුතු ආසියානු අලින්ගේ කලාපය හා බෙංගාලි ව්‍යාඝ්‍රයන්ගේ කලාපයයි.
ලබන මස 04 දින විවෘත කිරීමට යෝජිත කොටස කළාප තුනකින් සමන්විතය. එහි කුඩා ශාක භක්ෂක සතුන් ( ගෝනමුවා, ඕළුමුවා, මීමින්නා, වැනි මුව වර්ග) සඳහා වන කලාපයක් හා සුරතල් සතුන් සමග විනෝදවීමට ළමුන් සඳහා ඉදි කළ කලාපයක් ද මෙම කොටසෙහි ඉදි කර තිබේ.
ඊට අමරව සත්ව අභිජනන සංරක්ෂණ මධ්‍යස්ථානයක් ද ඉදි කර ඇති අතර එම කොටස නරඹන්නන් සදහා විවෘත නොකෙරේ.
සුරතල් සතුන්ට ආහාර ලබා දීම, හා එම සතුන් සමග ඡායාරූප ගැනීම වැනි අවස්ථාවන්ට ද මෙහි ප්‍රමුඛත්වය ලබා දී ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රිදියගම සෆාරියේ දෙවැනි කොටස 4වෙනිදා සිට ඇරෙයි