IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


රෝස්ගේ 'ආදරේ වැඩිද මන්දා'

 

තරුණ පරපුර අතර අතිශය ජනප්‍රිය යොවුන් ගායකයෙකු වන රෝස් අලගියවන්නගේ අලුත්ම ගීතය වන "ආදරේ වැඩිද මන්දා" තවත් නොබෝ දිනකින් එළිදැක්වීමට සූදානම් කර තිබේ. පසුගියදා මෙහි රූපගත කිරීම් කටයුතු සිදු කරනු ලැබූ අතර, ඒ මොරටුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකය.

ආදරය, විරහව පදනම් කරගෙන නිර්මාණය වුණ රෝස්ගේ මෙම "ආදරේ වැඩිද මන්දා" ගීතය අද රැල්ලට නිර්මාණය වූවකි. රෝස්ගේම පද රචනයකට අනුව නිර්මාණය වූ මෙම ගීතයට සංගීතය මුසුකොට ඇත්තේ නිරෝෂාන් ඩ්‍රිම්ස්ය. මියුසික් විඩියෝව නිර්මාණය කර ඇත්තේ ජනප්‍රිය ගීත රූප රචනා අධ්‍යක්ෂවරයෙකු වන අජන්ත ඒකනායක විසිනි.

මෙහි රෝස් සමගින් ජනප්‍රිය නළුනිළියන් දෙපොළක වන බුද්ධික කළිඳු කරියවසම් හා ෂෙහානි කහඳවල දෙදෙනාය. ඔවුන් දෙදෙනාට අමතරව සමීර සුලෝචන ඇතුළු තවත් පිරිසක් මෙහි සෙසු දර්ශන සඳහා සිය රංගන දායකත්වය ලබා දී ඇත. මෙම රූප රචනාව නිර්මාණය කිරීම සඳහා නිෂ්පාදන කළමනාකරු ලෙස ඉසුරු ධනංජයද, සහය අධ්‍යක්ෂණයෙන් දේවිකා කුමාරිද, කලා අධ්‍යක්ෂණයෙන් මිලින්ද මධුෂංකද, වේෂ නිරූපණයෙන් හිරාන් වීරකෝනද, උපකරණ සැපයීමෙන් කසුන් විදුරංගද සහාය වී ඇත. ඊට අමතරව මෙම නිර්මාණය සාර්ථක කර ගැනීමට ජයතික එදිරිසූරිය ලබාදුන් සහායද ඔවුන්ට විශේෂයෙන් වැදගත් විය.

 

2016-08-01-ent-38

2016-08-01-ent-28
2016-08-01-ent-29
2016-08-01-ent-30
2016-08-01-ent-31
2016-08-01-ent-32
2016-08-01-ent-33
2016-08-01-ent-34
2016-08-01-ent-35
2016-08-01-ent-36
 



අදහස් (0)

රෝස්ගේ 'ආදරේ වැඩිද මන්දා'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 432 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 607 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 247 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site