(චමින්ද වැවතැන්න)

රඹුක්කන හිරිවඩුන්න පිටවල ප්‍රදේශයේ නිවසක තනිවම සුරතල් සතුන්  කරමික් ජීවත් වු ජර්මන් ජාතික කාන්තාවක අභිරහස් ලෙස මිය ගොස් සිටියදී අද දහවල් සොයා ගත් බව රඹුක්කන පොලිසිය කියයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ සබීන් මතියි නැමැති ජර්මන් ජාතික 65 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කියයි.

ඇය විසින් සටහන් කළ බව කියන ලිපියක් ද එම නිවසේ තිබී හමු වූ බව පොලිසිය කියයි.

මීට වසර 20 ට පමණ ඉහතදී ලංකාවට පැමිණ වත්තල එඩේරමුල්ල ප්‍රදේශයේ පුද්ගලයකු සමග විවාහ වී පසුව දික්කසාද වී ඇති බවට මෙතෙක් කළ මුලික විමර්ශන කටයුතුවලදී අනාවරණය වු බව පොලිසිය කියයි.

දික්කසාදයෙන් පසුව රඹුක්කන පින්නවල ප්‍රදේශයට 2016 නොවැම්බර් පදිංචියට පැමිණ ඇතැයි ද වාර්තා වෙයි.

මෙම කාන්තාව මෙම ප්‍රදේශයට පැමිණි දිනයේ සිට බල්ලන් ඇති කරන අතර එම නිවසේ බල්ලන් 12 ක් පමණ සිටි බවත් පොලිසිය කියයි. ⁣

මාර්ගවල සිටින අසනීප බල්ලන් නිවසට රැගෙන පැමිණ ඔවුන්ට ප්‍රතිකාර කර නැවත මුදා හරින බවත් නිවසේ ඇති දැඩි කරන බල්ලන්ට අමතරව ප්‍රදේශයේ බල්ලන්ට ද කෑම උයා පිහා ගිහින් දෙන බවත් ජනතාව පැවසීය.