IMG-LOGO

රාමසර කන්ද නාය ගොස් මාසයයි

අරණායක රාමසර  කන්ද නාය ගොස් හෙට (17) මාසයක් සම්පුර්ණ වෙයි. මේ වන විට  කෑගල්ල දිස්ත්‍රික්කයේ අධි අවදානම් කලාප ලෙස හඳුනා ගත් ප්‍රදේශ 429 ක පවුල් 2165 ක් පමණ අවතැන් කඳවුරුවල සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යක්ෂක ජගත් මහේන්ද්‍ර මහතා ඊයේ (16) පැවසීය.

මේ වන විට කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ  ප්‍රදේශ 636 ක ගොඩනැගිලි පර්යේක්ෂණ ආයතනය විසින් පරික්ෂණයට  ලක් කර  ඇති අතර ඉන් ප්‍රදේශ 439 ක් අවදානම් ස්ථාන ලෙස හඳුනා ගෙන තිබේ.

පවුල් 262 ක් අධි අවදානම් ප්‍රදේශවල ජිවත් වන බවත් තවත් 1625 මධ්‍යම අවදානම් ස්ථාන වල ජිවත් වන බවත් ආපදා  කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

රාමසර  කන්ද නාය ගිය අරණායක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ අධි අවදානම් කලාප ලෙස  පවුල් 687 කින් පවුල් 428 ක් මේ වන විට අවතැන් කඳවුරු වල සිටිති.

මේ  අතර අවතැන් කඳවුරුවල සිටින අයට  නිවාස සෑදීමේ දී  ඉඩම් ප්‍රශ්න පැන නැගී ඇතැයි  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ  පවසයි.

 



අදහස් (0)

රාමසර කන්ද නාය ගොස් මාසයයි

සුරවීර Friday, 17 June 2016 01:12 AM

එරබොදුපිටියේ දැනටමත් ඉඩම් සකස් කරනවා. නමුත් පාරවල් හදන්න සල්ලි නැතුව බලාගෙන ඉන්නවා (නි)

:       0       0

ශාෆික් Saturday, 18 June 2016 07:32 AM

පවු මේ අසරණ මිනිස්සු! (නි)

:       0       0

ධම්ම Thursday, 16 June 2016 05:04 PM

බලධාරීනි, ඔබ මාසයක් අවතැන් කඳවුරක ජීවත්වුණොත් දැනෙයි එහි ඇති කටුක බව. වහාම මේ අයට නිවාස ලබාදෙන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site