IMG-LOGO

රාමදාන් මාසයේදී වාහන පාලනයට ජංගම මුර කණ්ඩායම් 60 ක් යොදවයි

traffic

රාමදාන් පළමු දිනයේදී බී-රිංග් මාර්ගයේ අධික වාහන තදබදයක් දකින්නට ලැබුණු අයුරු

 

 

ශුද්ධ වූ රාමදාන් මාසය තුළ දී රථ වාහන ගමනාගමනය නිසි පරිදි සිදුවන බව තහවුරු කරගැනීම සඳහා ජංගම මුර කණ්ඩායම් 60 ක් රට පුරා යොදවා ඇති බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසයි.


උපවාසයේ යෙදෙන පිරිස් සඳහා කරන උපකාරයක් ලෙසින් මෙන්ම ඊෆ්තාර් වේලාවට පෙර ඇති වන කලබලය සහ වේගයෙන් මෝටර් රථ ධාවනය කරවීම මගහැරවීම සඳහා පුණ්‍යායතන සහ රාජ්‍ය ආයතන බොහෝමයක් රියැදුරන්ට ඉෆ්තාර් බෙදාදීමට ඉදිරිපත්ව ඇත. ඉෆ්තාර් වේලාවට පෙර කඩිමුඩියේ මෝටර් රථ ධාවනය කිරීම රාමදාන් සමයේ දී මාර්ග අනතුරු සිදුවීමට ප්‍රධාන හේතුවක්ව ඇති බව මෝටර් රථ අධ්‍යක්ෂ මණ්ඩලයේ මාධ්‍ය සහ රථ වාහන දැනුම්වත් කිරීමේ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් මොහොමඞ් රෂීඞ් ඔඩායිබා පවසයි.


මානුෂීය සේවා සඳහා වන ෂෙයික් තානි බින් අබ්දුල්ලාහ් පදනමේ සහයෝගය ඇතිව “වීදි ඉෆ්තාර්” ව්‍යාපෘතියක් දියත් කර ඇති බව ප්‍රවාහන සහ සංනිවේදන අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේය. ඉෆ්තාර් වේලාව තුළ දී රිය අනතුරු අවම කරගැනීමට මෙන්ම සන්ධ්‍යාව වනතුරු සේවය කිරීමට සිදුවන අයට 
උපකාරයක් ලෙසින් ජනාකීර්ණ විදුලි ආලෝක සංඥා අසල දී රියැදුරන් වෙත ඉෆ්තාර් ආහාර වේල් 200 ක් පමණ බෙදා දුන් බව අමාත්‍යාංශය පවසයි. මෙම වැඩසටහන ශුද්ධ වූ මාසය පුරාම පැවැත්වෙයි.


රාමදාන් මාසය ආරම්භ වීමත් සමගම මාර්ගවල සිදුකරන මුර සංචාර ප්‍රමාණය ඉහළ දමා ඇති බව ඔඩයිබා පවසයි.


ජංගම මුර සංචාර කණ්ඩායම් 10 ක් උදෑසන සිට පස්වරු දක්වා සේවයේ යොදවා ඇති අතර තවත් කණ්ඩායම් 20-25 ක් අතර සංඛ්‍යාවක් සන්ධ්‍යාවේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා සේවයේ යොදවා ඇත. අධික උෂ්ණත්වය හේතුවෙන් දිවා කාලයේ දී රාජකාරියේ යෙදවිය නොහැකි නිසා යතුරුපැදිවල නැගුණු ජංගම මුර කණ්ඩායම් සන්ධ්‍යාවේදී මහා මාර්ග නිරීක්ෂණය කිරීමට යොදවා ඇති බව ද ඔඩයිබා කියයි.


“ඒවා තමයි මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් යොදවන ජංගම මුර සංචාර කණ්ඩායම්. මීට අමතරව අල් ෆාසා සහ ලෙක්වියා වැනි ආයතන ද මුර කණ්ඩායම් යොදවනවා. එවිට සමස්ත මුර සංචාරක කණ්ඩායම් ගණන 60 කට වඩා වැඩි වෙනවා” යැයි ඔහු වැඩිදුරටත් පවසයි.



අදහස් (0)

රාමදාන් මාසයේදී වාහන පාලනයට ජංගම මුර කණ්ඩායම් 60 ක් යොදවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 438 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site