IMG-LOGO

රට පුරා ත්‍රි පෝෂවල විෂ කාරකයක්

(එච්. චන්දන )

දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින්  ළදරුවන් සහ මවුවරුන් අතර බෙදා හැර ඇති ත්‍රී පෝෂ වල ඇල්ෆාට්රොීක්ෂීන් නම් වූ විෂ කාරකය අඩංගු වී ඇති බවට අනාවරණය වී නිසා එවා  ත්‍රී පෝෂ ආයතනය විසින් එකතු කිරීමට කටයතු කර ඇති බව  ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා  පවසයි.
උපුල් රෝහණ මහතා ඒ බව පැවැසූවේ මාදම්පේදී  අද (20) පැවැති මාධ්‍යහමුවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා: 

‘ළදරුවන්ට සහ මව්වරුන්ට බෙදා හැරීම සදහා එවා තිබූ ත්‍රී පෝෂ නම්වූ පෝෂණීය ආහාරය දිවයින පුරා පිහිටි සෞඛ්යා වෛද්‍ය නිලධාරී කාර්යාල වලින් මේ දිනවල එකතු කරමින් සිටින බව දැනගන්න තිබෙනවා . ඒ අකාරයෙන් හදිසියේම ගබඩා කර ඇති ත්‍රී පෝෂ එකතු කරන්නේ කුමන හේතුවක් නිසාද යන්න සොයා බැලීමක් සිදු කලා. එවිට අනාවරණය වූයේ මේ වන විට බෙදා හැරීම් සිදු කරන ත්‍රී පෝෂ වල ඇල්ෆාට්රොරක්ෂීන් නම්වූ උග්‍ර  විෂ කාරකය අඩංගු බවයි.
ඉකුත් කාලය පුරා දිවයින පුරා පිහිටි සෞඛ්යර වෛද්‍ය  නිලධාරී කාර්යාල වලට එවා තිබූ ත්‍රී පෝෂ බොහෝමයක් මේ වන විට බෙදා හැර අවසන් බවත් , එමෙන්ම බෙදා හැර ඇති එම ත්‍රී පෝෂ වලින් වැඩි ප්‍ර මාණයක් ළදරුවන් සහ මව්වරුන් අහාරයට ගෙන තිබෙනවා. මෙය ඉතාමත්ම අනතුරු දායක අවාසානාවන්ත තත්ත්වයක්. 

ඇල්ෆාටොක්ෂීන් නම්වූ විෂ කාරයක අඩංගු ත්‍රී පෝෂ බෙදා හැරීමට අවසර ලබා දී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම සොයා බලා කටයුතු කරන ලෙස අපි ඉල්ලීමක් කරනවා. එමෙන්ම මේ වන විට වෙළදපොළ තුළ තියන ඇතැම් ළදරු පෝෂණ ආහාර වලත් මේ ආකාරයට ඇල්ෆාටොක්ෂීන් ඇතුළු විවිධ විෂ කාරක අඩංගුවී තිබෙන බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී දිවයින පුරා ඇති වෙළද සැල් පරීක්ෂා කිරීමට අපි සුදානම්.

කිසියම් ආකාරයකට විෂ කාරක සහිත ආහාර අලවිය සදහා වෙළද පොළේ තිබී හමුවුනහොත් ඒවා නිෂ්පාදනය කර බෙදා හැර ඇති ආයන වලට සහ අලවිය සදහා තබා ගෙන සිටි ව්‍යාපාරිකයන්ට එරෙහිවත් නීතිමය ක්‍රි යා මාර්ග ගන්න  කටයුතු කරනවා.“ යැයි රෝහණ මහතා කීය.

 



අදහස් (2)

රට පුරා ත්‍රි පෝෂවල විෂ කාරකයක්

Viraj Perera Wednesday, 21 September 2022 07:47 AM

හෙට කියයි විස නෑ කියලා.

:       0       9

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 21 September 2022 09:21 AM

විෂ සහිත ආහාර පාන බෙදා හැරලා මව්වරුන් දරුවන් හා ජනතාව ඒවා ආහාරයට ගත්තාම තමයි මේ බක පණ්ඩිතයන් හැමෝම නිවේදන නිකුත්කොට දැන් ඒවා අතිශයින් විෂ සහිතයි කියා කියන්නේ.ඇයි මේ බව මීට කලින් පරීක්ෂා නොකළේ.විෂ සහිත ත්‍රිපෝෂ දැනටමත් ආහාරයට ගෙන ඇති අයට සිදුවෙන හානියට වගකීම බාරගන්නේ කව්රුන්ද ? මෙහෙමත් අමන අනුවණ නිලධාරීන් ඉන්නා රටක් ලෝකයේ කොහේවත් නැතිව ඇති.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 263 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site