IMG-LOGO

රටේ තුනෙන් එකක් බඩගින්නේ

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවේ දැක්වේ.

තවමත් ශ්‍රී ලංකාවේ පවුල් 10 න් 8ක් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන අර්බුදයට මුහුණ දීම සඳහා ආහාර වේල් මග හැරීම සහ ආහාර ණයට ගැනීමට යොමුව ඇතැයි එම වාර් තාවේ සඳහන් වේ.

මෙම තත්වය කාන්තාවන් ප්‍රධානත්වය ගන්නා පවුල්වල දරුණු බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දුන්නේය.ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදය ගම්බද ජනතාවට වඩා නාගර බද සහ වතුකරයේ ජනතාවට දැඩි බලපෑමක් එල්ල කරන බව එම වාර් තාවේ සඳහන් වේ.

ශ්‍රී ලාංකිකයන් මිලියන 3.4 සහාය වීම සඳහා අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් මිලියන 63 ක මුදලින් තවමත් ලැබී ඇත්තේ සියයට 35 ක් පමණක් බව එම වාර් තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් මිලියන 6.3 ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් අවම වශයෙන් 66000 ක් දරුණු ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් ලෝක ආහාර වැඩසටහන පෙන්වා දුන්නේය.



අදහස් (0)

රටේ තුනෙන් එකක් බඩගින්නේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 263 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site