IMG-LOGO

‘‘රටේ ගැටළු සහගත තත්ත්වය තවම ඉවර නෑ‘‘

(ජේ.කේ.එල්. චාමින්ද සහ රවි ලියනගේ)

රටේ ඇතිවි තිබු ගැටළුසහගත තත්වය හා පිඩනය තාවකාලිකව සමනය වි ඇතත් ඉදිරි අනාගතයේ දි මිටත් වඩා ගැටළුසහගත තත්වයන්ට මුහුණදිමට සිදුවිය හැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

මෙවා පාලනය කිරිමට බැරි තත්වයකට රට පත්වුවහොත් මහා සංඝරත්නයට මෙන්ම රජයටද කිරිමට දෙයක් නැතිව යනවා. එම නිසා එතනට රට පත්විමට ඉඩනොදි රට රැකගැනිම සියලුදේනාගේ යුතුකමක්.

රටේ පාලකයා රටේ පාලනය අත්හැරලා යනවා කියලා කියන්නේ මොනතරම් තත්වයක් රටේ තියෙනවා කියලා ඔබවහන්සේලා හිතනවාද? තමන්ගේ පාලනය අත්හැරලා කාටවත් දැනුම් දෙන්නේ නැතිව හිටපුගමන් ගියවිට මොනතරම් ප්‍රශ්නයක් ගැටළුවක් පිඩනයක් රටේ තියෙන්න ඇද්ද, ඒ පිඩනය ගැටළුව නැතිවුනේ නැහැ එක තියෙනවා. තාවකාලිකව යටපත්විමක් තමයි තියෙන්නේ පොඩි සමනයක් වෙලා තියෙනවා.

විහාරස්ථාන ඇතුළු සියලු දෙනාගේ විදුලිබිල තුන්ගුණයකින් පමණ වැඩිවෙලා තියෙනවා. මේක දරන්න පුළුවන් බරක් නෙවෙයි වතුර බිලත් තුන්ගුණයකින් වැඩිවෙලා. විශාල වියදමක් දැරිමට සිදුවෙලා තියෙනවා. බොහොම කල්පනාවෙන් විදුලිබිල හා ජලබිල පිරිමහගෙන පාවිච්කිරිමට සිදුවෙලා තියෙනවා.

නමුත් මේ අවස්ථාවේ විහාරස්ථානවලට එක කරන්න බැහැ. විහාරස්ථාන පොදු ස්ථානයන්. විහාරස්ථාන කළුවරේ තියන්න බැහැ. යම්කිසි සහනයක් විහාරස්ථානවලට ලැබිය යුතුයි කියලා මා විශ්වාසකරණවා. ඉදිරියේ දි ජනාධිපතිතුමා අගමැතිතුමා, විදුලිබල ඇමතිතුමා සමග කථාඛහකරලා විහාරස්ථාන සදහා සහනයක් ලබාදිමට කටයුතු කිරිමට බලාපොරොත්තු වෙනවා යැයිද කථානායකවරයා සදහන් කළේය.

ගාල්ල හබරකඩ ශ්‍රි විජයානන්ද පිරිවෙන් කෘත්‍යාධිකාරි විශ්‍රාමලත් විදුහල්පති එප්පල සෝරත නාහිමියන්ට ගාල්ල මාතර දෙපළාතේ අධිකරණ සංඝනායක පදවිය පිරිනැමිමේ අක්තපත්‍ර ප්‍රදානය කිරිමේ අවස්ථාවට එක්වෙමින් කථානායකවරයා මේ බව පැවැසීය. 



අදහස් (4)

‘‘රටේ ගැටළු සහගත තත්ත්වය තවම ඉවර නෑ‘‘

fairoos Monday, 19 September 2022 07:58 PM

නන්දසේනව එලෙව්ව වගේ පොහොට්ටුවෙ ඉතුරු සෙට් එකම එලෙව්වොත් තමයි රටට සෙත.

:       2       11

sujith Monday, 19 September 2022 08:54 PM

ඔය වැඩි කිරිල්ල අපි හැමෝටම අමාරුයි. නමුත්, කාටවත් විශේෂ සැලකිලි නොදිය යුතුයි.

:       3       9

ruwan Tuesday, 20 September 2022 06:15 AM

ඔවගෙ සල්ලි තියනව දුප්පත් මිනිසිසුන්ට වඩා. ඔවට කිසිම සහනයක් දෙන්න ඔනි නැහැ.

:       1       5

Sunil Tuesday, 20 September 2022 06:40 AM

මෙ දුර්දාන්ත කලකන්නි රජය පවතිනතෙක් කවදාවත්ම නිමා වෙන්නෙත් නහැ, තවත් උග්‍ර වෙනව මිසක්.

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 263 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site