
(සුමිත් පොතුපිටිය )
රාජකාරි බහුල බැවින් මානසික පීඩනයකට පත්ව ඇති බවට ලිපියක් ලියා තබා පයාගල පොලිස් ස්ථානයේ කොස්තාපල් වරයෙකු පිටවගොස් ඇති බව පයාගල පොලිසියෙන් වාර්තාවේ.
රාජකාරි බහුල බැවින් මානසික පීඩනයකට පත්ව ඇති බව 2026 මැයි මස 5 දින දෛනික සටහන් පොතෙහි සටහන් කර නිළ ඇදුම් සහ එහි කොටස් පොලිසිය තුල තබා පිටව ගොස් ඇති බවද පොලිසිය සදහන් කරයි .
පිටිගල, ඉදිපලේගොඩ ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි කොස්තාපල් වරයා 2025 ජුනි මස 08 දින පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව ඇති බවත් , ඔහු 2026 ජනවාරි 21 දින පයාගල පොලිසියේ සේවයට වාර්තා කර ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානසික ආතතිය වැඩි නම් ඉල්ලා අස්වෙලා වහාම ගෙදර ගියාට කමක් නැහැ , නැතුව ට්රැක් අවුට් වෙනකම් ඉදල ආතතිය නැති වෙන්න අහිංසක මිනිස්සුන්ට තඩි බාන එක හෝ තුවක්කුවක් අරන් තමාට හෝ තම සහෝදර නිලධාරීන්ට වෙඩි තබන එකට වැඩිය මේ ක්රමය දහස් වාරයක් යහපත්
පව් . හරිම දුකයි.
අද කාලෙ ගොඩක් රස්සා ඔහොම තමයි. පොඩි මිනිහට තමයි හොදටම තලන්නේ...
ඔව් ඉතින් මෙහෙම තියෙන කොට රස්සාවක් කරන්න බැහැනේ... හැබැයි ඉතින් ලේසි රස්සාවල් කියලා දේකුත් නැහැනේ... ඔක්කොම එකයි.
සමහරක් තැන්වලදී ඉවසීම පුරුදු කරන්න වෙනවා.
මෙහෙමයි ... තමන්ට ගැලපෙන රස්සාවක් හොයාගන්න තමන් දැනගන්න ඕනේ... නැතිනම් පුළුවන් තරම් ඉවසීමෙන් රැකියාව කරන්න ඕනෙ
ලොක්කන්ට හොදවයින් දෙකක් කිව්වා නම් ඉවරයි.. ගොන් හැතිකරේ.... පොඩි මිනිස්සු ගැන බලන්නේ නැහැ...