IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


රක්වාන උක්වත්තට සංචරණ සීමා


(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ ඉන්දීක නිරෝෂණ)     
                                                                                                                      රක්වාන උක්වත්ත ප්‍රදේශයට තාවකාලිකව සංචරණ සීමාවන් පනවා ඇතැයි ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත බංඩාර මහතා පැවසීය. ඊයේ රාත්‍රි 10.00 සිට  රක්වාන උක්වත්ත  ඩෙල්ව්න් වත්තේ කොටසකට සංචරණ සීමාවන් පනවා ඇති බව ඒ මහතා කීය.
 
රත්නපුර මල්වල ප්‍රදේශයේ මනාලයෙකු රක්වාන ප්‍රදේශයෙන් විවාහ වී ඇති අතර ඔහුගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය රක්වානේදි පවත්වා තිබේ.   එම උත්සවයෙන් පසු මනාලයාට කොරොනා ආසාදිත බව වාර්තා විය. ඒ නිසා නිවාස 10ක පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබුණි. එම උත්සවයට පාසල් ගුරුවරුන් සහ සිසුන් කිහිප දෙනෙකු  ද සහභාගී වීම නිසා ඔවුන් ද සමග ප්‍රදේශයේ 45 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි ගොඩකවෙල  සෞඛ්‍ය වෙද්‍ය නිලධාරිණි ඉන්දිකා ගුණදාස මහත්මිය පැවසුවාය.
 
මේ හේතුවෙන් එම පෙදෙසට සංචරණ සීමා පනවා තිබේ.
 
ඊයේ (12)වනදා කොරොනා ආසාදිත බවට හදුනාගත්තේ එලෙස  නිරෝධායනයට යොමු කර සිටි පිරිසෙන් සිව්දෙනෙකි.  තරුණයා සමග විවාහ ගිවිස ගත් මනාළියද ඇයගේ පවුලේ අයද  ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.  

 



අදහස් (0)

රක්වාන උක්වත්තට සංචරණ සීමා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 601 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site