IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මෙල්බන් කොවිඩ් ව්‍යාප්තියට හේතුව ශ්‍රී ලාංකිකයෙක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් ඇති වී ඇතැයි ද ශ්‍රී ලංකාවේ සිට පැමිණි අයකු ඊට සම්බන්ධ යැයි ද ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවරින් ඩෙල්ටා ප්‍රභේදය ( ඉන්දීය ප්‍රභේදය) හඳුනාගෙන ඇතැයි ද ඒ පිළිබඳ සොයා බැලීමේදී ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණි පුද්ගලයකුගෙන් එලෙස එම ප්‍රභේදය රටට ඇතුළු වී ඇතැයි ද එම වාර්තාවල දැක්වේ.

ශ්‍රී ලංකාවේ පැතිර යන සම්ප්‍රේෂණ හැකියාව ඉහළ මෙම ප්‍රභේදය හේතුවෙන් ප්‍රජාවකට වයිරසය ආසාදනය වීමේ අවදානමක් ඇතැයි ද විශේෂඥයන් උපුටා දක්වමින් ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

එම පුද්ගලයා ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ මැයි 8 වැනිදා ය.

ඔස්ට්‍රේලියාවට පැමිණි දිනයේදීම ඔහුට බී.1.617.2 ප්‍රභේදය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇති අතර ඉන් පසුව ඔහු හෝටල් නිරෝධායනයට යොමු කර ඇත.

ඔහුගේ නිරෝධායන කාලසීමාව අවසන් වී ඇත්තේ මැයි මස 23 වැනිදා ය.



අදහස් (10)

මෙල්බන් කොවිඩ් ව්‍යාප්තියට හේතුව ශ්‍රී ලාංකිකයෙක්

Anil Tuesday, 08 June 2021 09:05 PM

සියලු දෙනා ආරක්ෂා වේවා

:       0       0

බද්රානි Tuesday, 08 June 2021 09:05 PM

ආයේ මොන කතාද?

:       0       0

ප්‍රශාන් මෙල්බන් Tuesday, 08 June 2021 09:07 PM

මෙහි බරපතල කරුණ එම පුද්ගලයට delta (ඉන්දියානු) ප්‍රබේදය තිබුණු බව සහතික වීමයි. මොකද ලංකාවේ පැතිරෙන බවට තවම තහවුරු කර තින්බෙන්නේ alpha (බ්‍රිතාන්‍ය) ප්‍රබේදය වීමයි. අදාළ බලධාරීන් මෙය ගැන විශේෂ අවධානයක් දෙයි කියා බලාපොරොත්තු වෙනවා.

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 08 June 2021 09:55 PM

සමහර අනුවණ පරිපාලන ක්‍රියා හා දේශපාලකයන් නිසා මේ රට වසංගත රාජ්‍යයක් ලෙසත්, වැසියන් වසංගතකාරයන් ලෙසත් හංවඩු ගැසෙනවා. ඒත්, පුදුමය කියන්නේ මේ රටේ සමහර දෙනා තවමත් ඒ දේවල් නොදැන, වගේ වගක් නැතුව ඉන්නා හැටි තමයි ලොකුම පුදුමය..

:       1       0

Sri Lanka Tuesday, 08 June 2021 10:04 PM

පොඩි රටවල් හූරගෙන කන ව්‍යාපෘතියක්...

:       0       0

chandima Wednesday, 09 June 2021 12:00 AM

අනේ මන්දා ඉතින් අපේ අය

:       0       1

චාමර Wednesday, 09 June 2021 08:17 AM

දක්වමු දස්කම් විස්කම්...!!!

:       16       8

Gimesh - Melbourne Wednesday, 09 June 2021 12:58 PM

ඔය බෝට්ටුවකින් ගිය මිනිස්සු නෙමේනේ. හරි හමන් නිරෝධායනයකින් පස්සේ ඔවුන්ව සමාජෙට මුදා හැරියා නම් ඔහොම වෙන්නේ නෑ. ලංකාවේ විතරක් නෙමේ, කොයි රටෙන් ආවා වුණත් නිලධාරීන් තේරුම් ගන්න ඕනේ... මේ මිනිස්සු ඒ රටේ සාමාන්‍ය රටාවට අනුගත වෙන්න කාලයක් යන බව... ඒ නිසා අනුගත වෙනකන් අධීක්ෂණය යටතේ නිරෝධායනේ කරන්න ඕනේ. එහෙම කරා නම් ඔහොම අඬන්න වෙන්නේ නෑ. අනිත් එක ඔය කොයිරටත් ඉන්දියාවට ටිකක් බයයි. ඉන්දියන් කාරයෙක්ගෙන් බෝ වුණත් ලංකාවේ අයගේ පිට පටවන එක කොහොමත් වෙනවා...

:       8       6

sumanasekara - australiaWednesday, 09 June 2021 03:46 PM

බෝට්ටුවෙන් ආපු අයට විතරද කොරෝනා හැදෙන්නේ..? ඔයා මාළු බෝට්ටුවෙන් ඇවිල්ලා නාවුරු දූපතේ අවුරුදු 3ක් කට්ට කාපු බව කියන්න දැන් ලැජ්ජයි නේද ගරාජ් බාස් උන්නැහේ...? ඕක මෙහෙ ඉන්න ලංකාවේ ගොඩක් දෙනෙක්ගේ ගතියක්... මට නම් හරි පිළිකුලක්. මම ඔයාව හොඳට දන්නවා. නමුත් කතාකරලා නැහැ..

:       1       0

kamal Wednesday, 09 June 2021 01:03 PM

පැණිය බීලා ඕස්ට්‍රේලියා යන්න කිව්වට ඇහුවේ නැහැ. දැන් පේනවා නේද කරලා තියෙන වින්නැහිය. දැන් ඉතින් ඕස්ට්‍රේලියන් කාරයෝත් මෙහෙ රොත්තට එයි පැණිය ඉල්ලගෙන.. දැන් මොකද කරන්නේ? ඇමැතිතුමියගෙන්වත් උපදේශයක් ගන්නයි තියෙන්නේ..

:       2       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 56 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 88 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 95 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 174 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 349 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 1082 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 268 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1617 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site