IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මෘදුකාංග ඉංජිනේරුවාගේ සිරුර නිවාස සංකීර්ණය පාමුල

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තලාහේන හල්බරාව ඕකිඩ් උද්‍යානය සුපිරි නිවාස සංකීර්ණයක පදිංචිව සිටි මෘදුකාංග ඉංජිනේරුවරයකුගේ සිරුර  එම නිවාස සංකීර්ණය පාමුල වැටී තිබියදී හමුවූ බව මුල්ලේරියාව පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාලඹේ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක මෘදුකාංග ඉංජිනේරුවකු ලෙස සේවය කළ කවින් ලක්සාන් බණ්ඩාර ගුණරත්න (26) තරුණයාය .

මහල් 12 ක නිවාස සංකීර්ණයේ නමවෙනි මහලේ මියගිය තරුණයා ,මව හා සොයුරිය සමඟ පදිංචිව සිට ඇතැයි පොලිසිය කියයි.

ඉරුදින සොයුරිය රැකියාවට ගොස් නිවසට පැමිණෙන අවස්ථාවේදී මියගිය තරුණයා මෙන්ම මව ද නිවසේ සිට ඇති අතර ඔවුන් රාත්‍රි ආහාර ගෙන 11.30 ට පමණ නින්දට ගොස් ඇති බව පොලිසිය කියයි.

මියගිය තරුණයා නිවාස සංකීර්ණයේ පාමුල ගසක් යට වැටී සිටින බවට.අලුයම මවගේ ජංගම දුරකථනයට ලද පණිවුඩයක් අනුව මව සහ සොයුරිය එම ස්ථානයට ගොස් තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එම පණිවුඩය ජංගම දුරකථනය හරහා මව වෙත ලැබෙන තෙක් ඒ පිළිබඳ කිසිවක් ඔවුන් නොදැන සිට ඇති බව මව සහ සොයුරිය ලබාදුන් ප්‍රකාශයක සඳහන් වෙයි

තරුණයා නිවාස සංකීර්ණයේ පාමුල බිම් ඇතුරුම් ගල් මත උඩුබැලි අතට වැටී සිටි අතර හිස දෙසින් විශාල  ලේ ධාරාවක් ගලා ගොස් තිබූ අතර අතකට සහ පාදයකට බරපතළ තුවාල සිදුවී තිබූ බව පොලිසිය කියයි

එම ගසේ කුඩා අත්තක් ද එම ස්ථානයේ වැටී තිබූ බව පොලිසිය කියයි

මියගිය තරුණයා පදිංචි නිවසේ ආලින්දයට ( බැල්කනියට ) පිටස්තර කිසිවෙකුට පිටතින් ඇතුළුවිය නොහැකි ආකාරයෙන් සුදු යකඩ ආවරණයක් ඒ වටා ඉදි කර තිබෙන බවත් තරුණයා බැල්කනියෙන් පිටතට පැන්නාද ? වැටුණා ද යන්න ස්ථිර ලෙස කිව නොහැකි බවත් පොලිස් නිළධාරියා වැඩිදුරටත් පැවසීය

 



අදහස් (2)

මෘදුකාංග ඉංජිනේරුවාගේ සිරුර නිවාස සංකීර්ණය පාමුල

විපරමා Monday, 19 July 2021 05:41 PM

හරිම කණගාටුදායකයි. ඔහුට එහෙම වුනේ කියන එකත් ප්‍රශ්නයක් ...

:       0       109

wheesly Monday, 19 July 2021 10:40 PM

නිවන්සුව ලැබේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 40 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 336 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2973 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 622 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1285 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 168 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site