IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


මාතලේට වෙච්ච හානිය ජනපතිට කියයි

(අංජුල මහික වීරරත්න)

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක පවුල් 5501ක පුද්ගලයන් 11804ක්  ආපදාවෙන් බලපෑමට ලක්ව සිටින බව නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දුන්නේය.

මාතලේ  දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සුරක්ෂිත මධ්‍යස්ථාන 44ක පුද්ගලයන් 4113ක් රැඳී සිටින අතර නිවාස 119කට පූර්ණ හානි සිදුව තිබෙන බවත්  අර්ධ හානි සිදුවූ නිවාස ගණන 2618ක් බවත් නිලධාරීන් කීය. 

ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ මාතලේ දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යළි ගොඩනැඟීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්   මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  පැවති  සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.

ආපදාව හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග 16ක් කැඩී ගොස් තිබු බවත් එයින් මාර්ග 12ක් පිළිසකර කර ගමනා ගමනයට විවෘත කර ඇති බවත් මෙහිදී නිලධාරීන් පෙන්වා දුන් අතර වත්තේගම - කන්දේගෙදර, උකුවෙල - ඇල්කඩුව, මොරගහකන්ද - වැල්ලවල, රත්තොට - ඉලුක්කුඹුර යන ඉතිරි මාර්ගද කඩිනමින් පිළිසකර කර විවෘත කරන බව මෙහිදී සඳහන් විය.

 පළාත් මාර්ග 38කට දැඩි හානි සිදුව තිබෙන බවත්, 17කට අර්ධ හානි සිදුව තිබෙන බවත් මෙහිදී සඳහන් කෙරුණු අතර ඒ අතරින් මාර්ග 19ක් සම්පූර්ණයෙන් විවෘත කිරීමටත්, මාර්ග 19ක කොටසක්  පමණක් විවෘත කිරීමටත් පියවර ගෙන ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ.

ආපදා තත්ත්වය නිසා මාතලේ  දිස්ත්‍රික්කයේ විදුලි සබඳතා 58ක් බිඳ වැටී තිබෙන අතර ඒවා කඩිනමින් යථා තත්ත්වයට පත් කර 92%කට පමණ විදුලිය ලබා දීමට මේ වන විට පියවර ගෙන තිබෙන බව ද සඳහන් විය.

ප්‍රවේශ මාර්ග අවහිර වීම සහ විවිධ ගැටලු හේතුවෙන් ප්‍රමාද වී ඇති රත්තොට, අඹන්ගඟ, ලග්ගල, උකුවෙල, යටවත්ත, පැල්ලේපොල, මාතලේ ආදි ප්‍රදේශවල විදුලි සබඳතා කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් විදුලිබල මණ්ඩලයේ නිලධාරීහූ පෙන්වා දුන්හ.

 

එමෙන්ම දිස්ත්‍රික්කයේ බිඳ වැටුණු ජල සැපයුම යථාවත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ප්‍රවේශ මාර්ග අවහිර වීමෙන් පවුල් 500කට පමණ සතියක් පුරා පානීය ජලය අහිමි වී ඇති බව අනාවරණය විය. 

 

 

 

 

 



අදහස් (2)

මාතලේට වෙච්ච හානිය ජනපතිට කියයි

Kamal Sunday, 07 December 2025 02:56 PM

මෙයාට කියලා මොනවා කරන්නද ඉතින්...? ඊට වඩා හොදයි...

:       1       3

Binara Sunday, 07 December 2025 03:07 PM

නියම කෙනාට කියන්නේ...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 289 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site