මල්වතු විහාර කාරක සංඝ සභාවෙන් ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරාධිපති පදවියට එහි විහාරාධිකාරී වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියෝ (41) පත්කරනු ලැබ සිටිති.
තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහා නාහිමියන් මේ බව බෞද්ධ කටයුතු කොමසාරිස්ටද දන්වා ඇත.
මිහින්තලා රජමහා විහාරයේ උද්ගතවී ඇති අපකීර්තිමත් තත්ත්වය ගැන පරීක්ෂණයක් පැවැත්වීමට විහාරාධිපති වූ නාමල්වැවේ රතනසාර හා වලවාහැංගුණු වැවේ ධම්මරතන හිමිවරු මහනුවර මල්වතු කාරක සංඝ සභාව හමුවට කැඳැවනු ලැබූහ. රතනසාර හිමිට එරෙහිව අනුරාධපුර උසාවියේ ඇති ළමා අපචාර නඩු නඩුතීන්දුව ලැබෙන තෙක් විහාරාධිපති ධුරයේ කටයුතු ද, බුද්ධපූජා, පෙරහර හා පොසොන් උත්සව ආදී ආගමික කටයුතු ද සඳහා ධම්මරතන හිමියන්ට බලය පැවැරූ බව මල්වතු කාරක සභාව නිවේදනය කරයි.
ධම්මරතන හිමියෝ මිහින්තලා රජ මහා විහාරයේ අපවත් වී වදාළ වලවාහැංගුණවැවේ ශ්‍රී රතනජෝති රතනපාල නාහිමිගේ ශිෂ්‍යෙයකි. ඒ හිමියෝ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ගෞරව ශාස්ත්‍රෙව්දී උපාධිධරයෙකි.
2025 නොවැම්බර් මස 04
741
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2398
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මිහින්තළේ නායක ඉවත් කරයි
සුමේධ Monday, 12 March 2012 12:41 PM
කාලෙකට පස්සේ පරක්කු වෙලා හරි හොද තීරණයක් අරගෙන තියෙන්නේ..
සමන් Monday, 12 March 2012 01:47 PM
සාසනයට හානි කරන තවත් අය ඉන්නවා.. ඒ අය ගැනත් මේ වගේ තීරණ ගන්න බැරි මොකද?
දඩු බණ්ඩා Monday, 12 March 2012 02:13 PM
අපේ ආගම පරිහී යනවා මෙවැනි දේ නිසා. දඩුවම් දෙන්න ඒන මේ වගේ චීවරධාරීන්ට..