IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


මහජන පෙත්සම් සභාවේ සභාපති තනතුර යළිත් ජගත් පුෂ්පකුමාරට

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නවවෙනි පාර්ලිමේන්තුවේ තුන්වෙනි සභා වාරයේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා යළිත් තේරී පත්විය.

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගිය 1 වැනිදා පැවැත්වුණු අතර මෙම පත්කිරීම කෙරුණේ එම රැස්වීමේදීය.

සභාපති තනතුර සඳහා ජගත් පුෂ්පකුමාර මහතාගේ නම  පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා විසින් යෝජනා කරනු ලැබූ අතර එය ස්ථිර කරන ලද්දේ වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයා විසිනි.

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරයේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේද ජගත් පුෂ්පකුමාර මහතාය.

පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව විසින්  ස්ථාවර නියෝග 120 (1) අනුව මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව සඳහා සාමාජිකයන් පසුගියදා පත් කරනු ලැබීය.

මේ අනුව එම කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ සිටින්නේ  ගාමිණී වලේබොඩ, ඉම්තියාස් බාකීර් මාකාර්, පියංකර ජයරත්න,  දිලිප් වෙදආරච්චි, වඩිවේල් සුරේෂ් ,  එස්. වියාලේන්ද්‍රන් , අශෝක ප්‍රියන්ත ,  අරවින්ද් කුමාර් ,  ගීතා සමන්මලී කුමාරසිංහ ,බී. වයි. ජී. රත්නසේකර ,  සාරතී දුෂ්මන්ත ,  ගෝවින්දන් කරුණාකරම්,  ජයන්ත කැටගොඩ ,  මොහමඩ් මුසම්මිල්, තුෂාර ඉඳුනිල් අමරසේන,වේලු කුමාර් , වරුණ ලියනගේ  ,  යූ. කේ. සුමිත් උඩුකුඹුර  ,  මායාදුන්න චින්තක අමල් ,  නිපුණ රණවක ,   රාජිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ය



අදහස් (0)

මහජන පෙත්සම් සභාවේ සභාපති තනතුර යළිත් ජගත් පුෂ්පකුමාරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site