IMG-LOGO

මරු ස්කාර්ෆ් එක

2016-08-05-ent-02අද සංගීත ප්‍රසංග පවත්වනවනෙ නොයෙක් විදිහට. එළිමහන්, ගෘහස්ථ, සෝලෝ ඔය වගේ විවිධාකාර නම්වලින් ප්‍රසංග කරනවා. ඕවට සහභාගි වෙන්නෙත් විවිධාකාර පිරිස්.

ප්‍රවීණයෝ අතර ඊයෙ පෙරේදා ක්ෂේත්‍රයට ඇවිත් ප්‍රවීණවුණු අයත් සින්දු කියන්න එනවා. දන්න හැම විලාසිතාවක්ම ප්‍රදර්ශනය කරන්නත් ඒගොල්ලො ඒක අවස්ථාවක් කරගන්නවා.

ඔන්න ඔය වගේ සංගීත ප්‍රසංගයක් තිබුණලු වාරියපොළ පැත්තෙ.

අලුත්, පරණ අය ගොඩාක් ඒකෙ සින්දු කිව්වා. ඒ අතර හිටියලු අමුතුම ස්කාර්ෆ් එකක් ඔළුවෙ ගහගෙන සින්දු කියපු කෙල්ලෙක්. එයාගෙ සින්දු

ටික කිව්වට පස්සෙ එතන හිටිය ප්‍රවීණ ශිල්පියෙක් ඇහුවලු ඒ ස්කාර්ෆ් එක ගැන.

"ඔයා ෆැෂන්වලට හරි කැමති වගේ නේද? කොහෙන්ද ඔය ස්කාර්ෆ් එක නංගි?"

"ආ මේක මම ළඟදි මැදපෙරදිග ටුවර් එකක් ගිය වෙලාවෙ මගේ රසිකාවියක් දීපු තෑග්ගක්..."

"ඇත්තද? හැබැයි නංගි ඔයා ඕක ප්‍රසංගවලට එහෙම අඳින්න එපා", ඔහු කිව්වලු.

"ඇයි අවුල්ද? මට ඒක කැතයිද?"

"නෑ නෑ ඕක ස්කාර්ෆ් එකක් නෙවෙයි. මැදපෙරදිග රටවල්වල වැඩ කරන ගෘහ සේවිකාවො කුස්සියෙ වැඩ කරන වෙලාවට හිස් ආවරණයක් හැටියට පාවිච්චි කරන දෙයක්..."

 

DESHAYA



අදහස් (0)

මරු ස්කාර්ෆ් එක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 480 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 641 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site