IMG-LOGO

මාරක ළිඳ දරුවාට මාරකයක් වෙයි

(කේෂර ගුණතිලක)

දඹගල්ල පොලිස් වසමේ මඩුල්ල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සැණකෙළියක සවිකර තිබූ මාරක ළිඳේ පඩිපෙළ නගිමින් සිටි අවුරුදු 01 මාස 11 වයසැති පිරිමි දරුවෙකු පඩිපෙළින් වැටී මියගොස් ඇතැයි දඹගල්ල පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අනුරාධපුර කහටගස්දිගිලිය ලයිට්පාර පදිංචිව සිටි ඩී.එම් සෙනුර දේශාන් නැමති පිරිමි දරුවෙකි.

ඔහුගේ පියා මෙම සැණකෙළියේ මාරක ළිඳේ ලොරිරථයේ රියදුරු වශයෙන් කටයුතුකර අයෙකි.

ඔහු තම දරුවාද සමඟ සැණකෙළිය පැවැත්වෙන භූමියට පැමිණ සිටියදී  මාරක ළිඳේ පඩිපෙළ නගමින් සිටියදී දරුවා ඉන් බිමට වැටී ඇත.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ දරුවා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල ඇතුලත්කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට මාරුකර යවා ප්‍රතිකාරලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත.

දඹගල්ල පොලිස් ස්ථානාධිපති ජී.එස්.අයි ගිනිගේ  මහතා පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (2)

මාරක ළිඳ දරුවාට මාරකයක් වෙයි

නිමල් Thursday, 22 June 2023 07:25 PM

ඉතින් ඕක මාරක ළිඳක් ලෙස නම් කරල නම් මේ මරණය පුදුමයක් නොවෙයිනේ! අවුරුදු දෙකකටත් අඩු මේ දරුවට මොනවද තේරෙන්න?

:       0       0

Bunny Preena Friday, 23 June 2023 09:48 AM

පියාගේ නොසැලකිලිමත්කම නිසා සිදු උන මරණයක් .දරුවා පඩි පෙළ තනියෙන් නගිනකම් තාත්තා නිදාගෙනද එහෙමත් නැතිනම් ගැහැනුත් එක්ක බර කතාවකට වැටිලා හිටියද.හනේ මෙහෙමත් තාත්තලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 641 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site