IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


‘මන්කාඩ් ක‍්‍රමයට’ මහේල දෙහිකපයි

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර බි‍්‍රස්බේන්හි ගැබා කී‍්‍රඩාංගණයේදී පෙරේදා පැවැති කොමන්වෙල්ත් බැංකු තුසලාන තරගයේදී ඉන්දීය ද`ග පන්දු යවන්නකු වන රවිචන්ද්‍රන් අශ්වින් විසින් ශී‍්‍ර ලංකා පිතිකරු ළහිරු තිරිමාන්න දවාගත් ‘මන්කාඩ් ක‍්‍රමය’ කි‍්‍රකට් කී‍්‍රඩාවේ ගුණධර්මවලට කිසි සේත්ම නොගැලපෙන බව ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන පවසයි. තිරිමාන්න ලකුණු 44 ක් ලබා සිටියදී, පන්දු යවන්නා පන්දුව යැවීමට පෙර, පන්දුවර පහර නොදෙන අන්තයේ සීමාවෙන් ඉවතට පැමිණි හෙයින් පන්දු යැවූ රවිචන්ද්‍රන් අශ්වින් පන්දු යැවීම නවතා ඔහුව දුවද්දී දවාගත්තේය. මෙය සම්පූර්ණයෙන්ම කි‍්‍රකට් කී‍්‍රඩාවේ නීති රීතිවලට එක`ග නමුත් කි‍්‍රකට් කී‍්‍රඩාවේ ගුණධර්ම ගැන සලකා බැලූ පෝල් රයිෆල් සහ බිලී බවුඩන් යන විනිසුරුවරු දෙදෙනා අදාළ දැවීයාම සම්බන්ධයෙන් ඉන්දීය නායකයාගේ අදහස් විමසූහ. එම අවස්ථාවේදී ඉන්දීය නායකයා වූ විරෙන්දර් සෙවැග් සහ සචින් තෙන්ඩුල්කාර් දෙදෙනාම දැවීයාමට අදාළ ඉල්ලීම ඉල්ලා අස්කරගත් හෙයින් තවදුරටත් පිටියේ රැුඳුණු තිරිමාන්න ලකුණු 62 ක් ලබාගනිමින් ලකුණු 289 ක් කරා ශී‍්‍ර ලංකා පිල කැඳවාගෙන ගියේය. ඉන්දීය පිල තරගය පරාජය විය. තිරිමාන්න තමාගේ සීමාවේ නොසිටි බව පිළිගන්නා නමුත් ශී‍්‍ර ලංකා නායකයා පවසන්නේ ‘මන්කාඞ්’ ක‍්‍රමයෙන් තිරිමාන්න දවාගැනීමට ගත් උත්සාහය වැරදි සහගත බවයි. ”අවංකවම මටත් හිතෙනවා අපේ මිනිහත් මේකට වැරදිකරුවෙක් කියලා. ඒත් කී‍්‍රඩාවේ ගුණධර්මවලට අනුව සෙවැග් කළේ (දැවීයාමට අදාළ ඉල්ලීම ඉල්ලා අස්කර ගැනීම) නිවැරදි දෙයයි” යයි මහේල ජයවර්ධන පැවසීය. ”මා නම් එහෙම කී‍්‍රඩා කරන්නේ නෑ. මා ඔහුට අවවාද කර, ඔහුව සීමාවේ තබාගන්න උත්සාහ කරනවා මිසක්, ඒත් එක සුළු සිද්ධියක්. අපි මෙතැන් සිට ඉදිරියට යා යුතුයි” යයිද මහේල පැවසීය. ඉන්දීය පිලේ හිටපු නායකයකු වන විනෝ මන්කාඞ් විසින් 1947-48 තරගවාරයේදී  ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවකු වන බිල් බ‍්‍රවුන් පන්දු යවන්නාගේ අන්තයේදී දෙවරක්ම දවාගැනීම නිසා පන්දු යවන්නාගේ අන්තයේදී පිතිකරුවකු දවාගැනීම ‘මන්කාඩ්’ ක‍්‍රමය ලෙසින් හැඳින්වේ.   තිරිමාන්නගේ දැවී යාම ගැන විනිසුරුවරුන් ඉන්දීය නායකයාගේ අදහස් විමසූ අවස්ථාව...



අදහස් (0)

‘මන්කාඩ් ක‍්‍රමයට’ මහේල දෙහිකපයි

ප්‍රසන්න Thursday, 23 February 2012 05:17 PM

මේ කතාව නම් අපේ ගමේ ගොඩේ කියන දියරෙද්දෙන් බෙල්ල කැපීමට සමානයි.

:       0       0

ජානක Thursday, 23 February 2012 06:05 PM

මහත්මා ක්‍රීඩාවට නම් කෙහෙත්ම ගැලපෙන්න නෑ නේද මහේල

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2387 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site