IMG-LOGO

මත්ද්‍රව්‍ය මැඩලීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )


මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

එහි සභාපතිත්වය දරන්නේ මහජන ආරක්ෂක  අමාත්‍ය ටිරාන් අලස් මහතාය.

සිසිර ජයකොඩි, වෛද්‍ය සීතා අරඹේපොළ, බුද්ධික පතිරණ, වෛද්‍ය ගයාෂාන් නවනන්දන, තුෂාර ඉඳුනිල්, වෛද්‍ය උපුල් ගලප්පත්ති, මේජර් සුදර්ශන දෙනිපිටිය, අසංක නවරත්න උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, මන්ජුලා දිසානායක සහ  තවරාජා කලේඅරසන් එහි සෙසු සාමාජිකයෝ වෙති.



අදහස් (4)

මත්ද්‍රව්‍ය මැඩලීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

ravin Sunday, 02 July 2023 04:07 PM

තවත් මුදල් කාබාසිනියා කරන කමිටුවක්. සියලුදෙනා හොඳින්ම දන්නා කාරණයක් තමයි... සියලු ජාවාරම් කාරයින් පිටුපස දේශපාලකයින් ඉන්නාවග... උදාහරණයක් ලෙස අර හෙළිකොප්ටරේ ගමන අමතකද? හොරුන්ගේ අම්මලාගෙන් පේන ඇසීමේ කාලය එළඹී ඇත...

:       0       4

විජිත් Sunday, 02 July 2023 04:56 PM

කුඩු පිළිබඳ දෙස්විදෙස්වල නම් දැරූ මහාචාර්ය නිමල් ලන්සා උත්තමයාව මේ කමිටුවේ සභාපති නොකළේ, උන්වහන්සේ එදා ෆුට් බයිසිකලයෙන් මීගමුවේ අස්සක්, මුල්ලක් නෑර කුඩු බෙදපු, මීගමුවට කුඩු ජොලියා හඳුන්වාදුන් අසික්කිතයා නිසාදැ? යි කියලා හිතෙන්නේ මට පමණක්ද?

:       0       1

sachith Sunday, 02 July 2023 05:09 PM

අපරාදෙ ඔච්චර ගොඩක් පත්කළේ... ලංසා, ජොනී දෙන්නා දැම්මානම් හොඳටම ඇති...

:       0       1

swene Sunday, 02 July 2023 09:10 PM

අපි බලන් ඉන්නවා මුලිනුපුටා දමනකන්, 2048 දී ණය නැති රාජ්‍යයක් ඇති වෙනවා වගේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 760 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site