IMG-LOGO

බසයට යට වූ ගුරුවරයා මරුට

 (කේ. බුද්ධික කුමාරසිරි)


යතුරු පැදියක් සහ බස් රථයක ගැටීමෙන් අද (22) උදෑසන කොලොන්නාව රාජමහා විහාරස්ථානය අසලදී සිදු වූ අනතුරකින් යතුරු පැදියෙහි ගමන්ගත් පුද්ගලයකු බස් රථයට යටවී මියගොස් ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය පවසයි.

අනතුරින් යතුරු පැදියෙහි ගමන් ගත් හත් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ද බරපතල තුවාල ලබා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කර ඇත

මිය ගිය යතුරු පැදිකරු මෙගොඩ කොලොන්නාව සිට කුප්පියාවත්ත දෙසට සිය දියණිය පාසලට ඇරලවීමට ඇයත් රැගෙන යතුරු පැ⁣දියෙන් යන අතරතුර එම දෙසටම ධාවනය වූ බස් රථය කොලොන්නාව රාජමහා විහාරස්ථානය අසලදී එක්වරම වමට හරවා ධාවනය කිරීම නිසාවෙන් යතුරු පැදිය එහි ඇමිණී මීටර් පනහක් පමණ ඉදිරියට ඇදී ගොස් පැදිකරැ බස් රථය දෙසට ඇද වැටී එම බස් රථයටම යට වී මියගොස් ඇතැයි සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ආමර් රැස්ති නැමැති 36 හැවිරිදි ගුරැවරයෙකි.

අනතුරින් පසු කෝපයට පත් ප්‍රදේශවාසීන් විසින් අනතුර සිදුකල බස් රථයට ගල්ගසා පහර දී දැඩි අලාභහානි සිදු කර ඇති බවත් ප්‍රදේශවාසීන් ගේ පහර කෑමට ලක් වූ බස් රථ රියදුරු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පවසයි.

බස් රථයේ ආරක්ෂාව වෙනුවෙන් බස් රථය මුල්ලේරියාව පොලිසිය වෙත රැගෙන ගොස් ඇත.

 

 



අදහස් (0)

බසයට යට වූ ගුරුවරයා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 641 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site