(යොහාන් භාසුර)
බස්නාහිර පළාතේ පාසල් දරුවන්ට නිල ඇඳුමට යටින් ළා පැහැති දිග ඇඳුමක් ඇඳීමට අවසර දුන් බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මදුරුවන්ගෙන් බෝවන ඩෙංගු රෝගයෙන් දරුවන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් එම පියවර ගත් බවත් සෙසු පළාත්වලත් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා ඉදිරිපත් වී ඇති බවත් එම නිලධාරියා කීය.
ඩෙංගු සහ කොරෝනා මර්දනයට විශේෂඥ කමිටුවේදී රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය මෙම යෝජනාව ඉදිරිපත් කළාය.
සමස්ත ශ්‍රී ලංකාවේ මෙම වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් සියයට 50 කට ආසන්න සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බස්නාහිර පාසල් දරුවන්ට ළා පැහැති දිග ඇඳුමක්
Bunny Preena Monday, 19 June 2023 12:20 PM
මොන විදිහකින් හරි වළක්වාගත හැකි ලෙඩරෝගවලින් වැළකිලා ඉන්න පුළුවන් නම් කාටකාටත් හොඳයි.
Chathuranga Monday, 19 June 2023 12:44 PM
ප්‍රායෝගික අදහස් නැති සීතා නෝනා වැනි අය නිසා රටට වෙන හානිය ඩෙංගුවලින් වෙන හානියට වඩා දහස් ගුණයකින් ඉහළයි.
කිරිපුතා Monday, 19 June 2023 01:42 PM
ඉස්කෝලෙ වෙලාවට වඩා හවස තියෙන උපකාරක පන්තිවල තමයි දරුවන් මදුරුවෝ කන්නේ... සමහර ගුරුවරුන් ඒ ගැන තැකීමක් නෑ...
fairoos Monday, 19 June 2023 01:48 PM
අනේ සීතා තාමත් ජීවතුන් අතර ඉන්නවද? නන්දසේන ගියාවගේ යනඑන මන් නැතිවෙලා ගියාද?
පෙරේරා Monday, 19 June 2023 02:41 PM
ඕක තීරණය කල අය හිතන්නේ පංති කාමරත් ඒ ගොල්ලන්ගෙ ඔෆිස් වගේ ඒසී කරලා ඇති කියලා.
ගමේ එකාලා Monday, 19 June 2023 04:00 PM
මදුරු දැල ගානේ දුන්නා නම් මීට වඩා හොඳයි... හරියට එදා වේලවත් පිරිමහගන්න බැරුව ඉන්න අයට රෙදි අරන් මොනවා කරන්නද?
මොහොට්ටාල Monday, 19 June 2023 05:04 PM
ඇත්තටම ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගෙන ඩෙංගු මදුරුවන් විනාශ කිරීමට යමක් කරන්න බැරිද .දූමායනය වගේ දේවල් කිරීම අපහසු නම් කොළොම්පුරේ අහසින් ගොස් රසායනික ද්‍රව්‍ය විසුරුවා හැරීමට උත්සාහ කලොත් හොදයි කියලා හිතෙනවා