IMG-LOGO

බාල නිර්වින්දන එන්නතක් දී විදුහල්පතිනියක් මරුට

(රංජන් කස්තුරි, ෂේන් සෙනවිරත්න සහ ඩබ්ලිව්.ඒ අසේල)

ප්‍රමිතියෙන් තොර නිර්වින්දන එන්නතක් ලබාදීමෙන් අසාධ්‍යව පේරාදෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි විදුහල්පතිනියක් අද (16) මිය ගියාය.

හර්නියා රෝගී තත්වයක් නිසා ඉකුත් අප්‍රේල් මාසයේ රෝහල් ගත කළ එම විදුහල්පතිනිය සැත්කමට භාජනය කිරීමට පෙර ලබාදී ඇත්තේ මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් භාවිතය තහනම් කර තිබෙන ප්‍රමිතියෙන් බාල නිර්වින්දන එන්නතකැයි පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පැවසීය.

ඉකුත් අප්‍රේල් මාසයේදී දරු ප්‍රසූතියක් සඳහා ඇතුළත් වූ කාන්තාවටත් ලබා දී තිබුණේ  මෙම නිර්වින්දන එන්නතම බවද එම කාන්තාවද එන්නත ලබාගත් පසුව මියගිය බවද රෝහලේ අධ්‍යක්ෂවරයා කීය.



අදහස් (7)

බාල නිර්වින්දන එන්නතක් දී විදුහල්පතිනියක් මරුට

Sunil Friday, 16 June 2023 06:33 PM

අපේ රෝහල් අද රෝගීන් මරණ තත්වයට පත්වෙලා... සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය ඇමැතිගේ කාර්ය සාධනය අති විශිෂ්ඨයි...

:       3       45

පැරකුම්Friday, 16 June 2023 07:10 PM

වෙනරටක නම් සෞඛ්‍ය ඇමැති වහාම ඉල්ලා අස්වෙනවා. ඒකට අපේ රට…!

:       3       39

චන්දන Friday, 16 June 2023 07:00 PM

සෞඛ්‍ය ඇමැතිවරයගේ පුද්ගලික මුදලින් වන්දි ගෙවිය යුතුයි. මේ කාලකණ්ණි ආණ්ඩුව දැන් ජීවිතත් පැහැර ගන්නවා...

:       7       38

Samitha S. Aluthgamage Friday, 16 June 2023 08:24 PM

කෝ මේ රටේ සෞඛ්‍ය ඇමැති නිදිද? මේ යල්පැනගිය එන්නත් විදින බව හෝ ඔහු නොදන්නේද? සෞඛ්‍ය ඇමැති ලෙස පත් කරන්න ඕන සෞඛ්‍යය ගැන අවබෝධයක් තියෙන කෙනෙක්...

:       0       4

චන්දිම ෆොන්සේකා Friday, 16 June 2023 09:17 PM

එතකොට මේ දොස්තරලා දැනදැනමද මේ තහනම් කළ බෙහෙත විද්දේ? මට මේ කතාව තේරෙන්නේ නැහැ. තහනම් කළ බෙහෙත විදලා රෝගියා මියගිය පසු ඒ රෝහලේම අධ්‍යක්ෂක මෙහෙම කතාවක් කියනවා. පිස්සුද මේ හැමෝටම..?

:       0       0

chathuranga Saturday, 17 June 2023 08:04 AM

තහනම් කියලත් දන්නවා නම්... ගියපාර විදලත් මැරුණා නම්... ඒ එන්නතම විදලා ලැජ්ජා නැතුව මීඩියා ඉස්සරහට ඇවිත් ප්‍රකාශත් දෙනවා.. ඊයා..

:       0       2

Bunny Preena Saturday, 17 June 2023 10:25 AM

පිටකොන්දේ කොඳු ඇට පෙළට යටින් ගහන එන්නතද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 438 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site