
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
නිධානයක් ගැනීමේ අරමුණින් තෙලිජ්ජවිල ප්‍රදේශයේ අවුරුදු 09 ක දරුවකු පැහැර ගැනීමට තැත් කළැයි සැකපිට අත් අඩංගුවට ගත් පුද්ගලයන් හතර දෙනා ලබන 09 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතානියෝග කළේය.
එසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ තෙලිජ්ජවිල ත්‍රී රෝද රථ රියදුරකු හා ඔහුගේ මිතුරක් සහ පිටබැද්දර හුලන්දාව වත්තේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
දරුවාගේ දෑස් හා කට රෙදි පටිවලින් ගැට ගසා නිවස අසල ඝන කැලෑව තුලට රැගෙන ගොස් තිබු අතර දරුවාගේ කෑ ගැසීම ඇසී ප්‍රදේශවාසීන් ඒ පසු පස ලුහුබැද ගොස් පොලීසියේ ද සහාය ඇතිව සැකකරුවන් අල්ලා ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි මිථ්‍යා මත පතුරුවන සමහර කට්ටඩි රාළලායි, සිවුරු දාගත්තු කිහිප දෙනෙකුයි ඉන්නවා. “මිනිස් බිල්ලක් දිය යුතුයි” කියන ප්‍රකාශයම මරණ දඬුවමට ලක්වන අපරාධයක් හැටියට නීතිගත කළ යුතුයි. මෙවැනි දේවල් නවත්වන්න පුළුවන් වෙන්නේ එතකොටයි. හැම පෝය දවසකම හාමුදුරුවරු හැම පන්සලකම මේ වැරදි ක්‍රියාවන් සම්බන්ධයෙන් කතා කරලා සමාජය සුගතියට යොමු කළ යුතුයි.