IMG-LOGO

බලන්ගොඩ රක්ෂිතයක මැණික් ගරමින් සිටි සිව්දෙනකු නිරෝධායනයට

( සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බලන්ගොඩ  රජවක   බෝවත්ත  රජයේ  රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වි  පතල්  කපමින්  සිටි  පුද්ගලයන්  හතරදෙනෙකු   අද (04) අත්අඩංගුවට  ගෙන  පසුව  බලන්ගොඩ   මහජන සෞඛ්‍ය පරික්ෂක පරික්ෂක  නිළධාරීන්  මාර්ගයෙන්  ස්වයං නිරෝධනයට ලක් කල බව බලන්ගොඩ අඩවි වන නිළධාරී විජයන්ත උපුල් මහතා  පැවැසිය.
 
 බලන්ගොඩ   බෝමිඅරාව  ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන්  තිදෙනෙකු සහ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
 
 බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා  එම ප්‍රදේශයේ  සිට  පැමිණි  බලන්ගොඩ  ප්‍රදේශයේ  තිදෙනෙකු සමග මැණික් ගැරිම  හේතුවෙන්   කොරෝනා වයිරසය අවදානම් තත්ත්වය  හේතුවෙන්  මොවුන් හතරදෙනාම  බලන්ගොඩ ප්‍රදේශයේ  නිවෙස්වල  මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරීන්ගේ  අධික්ෂනය යටතේ  ස්වයං නිරෝධනයට ලක්  කිරිමට  කටයුතු කර ඇත.
 
  දින 14 ක නිරෝධනය අවසන්  වු පසු   රක්ෂිතයේ මැණික් ගැරිම  චෝදනාව  යටතේ  ඉදිරියේදි  මොවුන්ට එරෙහිව  නඩු පවරා බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව බලන්ගොඩ අඩවි වන නිළධාරී විජයන්ත උපුල් මහතා වැඩිදුරටත් සදහන් කලේය.



අදහස් (0)

බලන්ගොඩ රක්ෂිතයක මැණික් ගරමින් සිටි සිව්දෙනකු නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 456 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 628 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site