IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


බොරුවට ප‍්‍රසූත නිවාඩු අරන්

වසර නවයකට දින හයක් පමණක් සේවය සඳහා වාර්තා කළ හෙද නිලධාරිනියක් ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ සාන්ත ඔර්සෝලා රෝහලේ ප‍්‍රසූත නිවාඩු තුනක් ගෙන ඇත. ඇය වසර තුනකට ආසන්න කාලයක් රෝහල් බලධාරීන් ලවා නිවාඩු අනුමතකොට ගෙන ඇත. ඉතිරි වසර හය තමා මානසික රෝගයකින් පෙළෙන බව පවසමින් සේවය සඳහා වාර්තා කොට නොමැත. නිවාඩු අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් හෙදිය රෝහල් බලධාරීන්ටත්, රජයේ අදාළ අංශයන් වෙතත් පිළිගත හැකි වන සේ වෛද්‍ය වාර්තාවක් ලබාදී තිබිණි. බොලොඤ්ඤා කැරිබිනේරි පොලිසිය කියන්නේ වෛද්‍ය වාර්තාවන් ව්‍යාජ බවයි. එම වසර නවයේම ඇයට කිසිදු දරු උපතක් සිදුව නොමැත. සිල්වියා සොගාල්ලෝ (44)නමැති මෙම හෙද නිලධාරිනිය තම මාසික වැටුපට අමතරව ඉතාලි රජයෙන් දරුවන් වෙනුවෙන් දෙන මාසික දීමනාව සමග යුරෝ 33000ක් හෙවත් රුපියල් ලක්‍ෂ 50කට ආසන්න මුදලක් දීමනා ලෙස ලබාගෙන ඇත. රජයට වංචා කිරීමේ චෝදනාව යටතේ ඇය පොලිස් අත්අඩංගුවට ගෙන ඇතත්, ඉතාලි මාධ්‍ය පවසනුයේ වසර නවයක් පුරා ඇය විසින් කළැයි කියන වංචාව ගැන සොයා බැලීමට නිලධාරීන්ට නොහැකි වීම පුදුමසහගත බවයි.



අදහස් (0)

බොරුවට ප‍්‍රසූත නිවාඩු අරන්

දිමුත් Saturday, 26 November 2011 09:46 PM

රජය පරණ ණයක් තිබිලද කොහෙද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 591 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2285 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1710 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site