IMG-LOGO

බ්‍රිතාන්‍යයේ රැකවරණ නිවාස වල මරණ නිල සංඛ්‍යාලේඛන වලට එකතු කර නෑ

බ්‍රිතාන්‍යයේ රැකවරණ නිවාස වල සිදුවූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව මෙතෙක් නිකුත් වී ඇති සංඛ්‍යාවට වඩා බෙහෙවින් වැඩි බව වාර්තා වී තිබේ.


බ්‍රිතාන්‍යයේ මෙතෙක් නිල වශයෙන් වාර්තා වී තිබුණේ සාත්තු නිවාස වල සිදුවූ මරණ 217ක් පමණි.

කෙසේවුවද ජාතික සත්කාර සංසදය විසින් සිදුකළ ගනනය කිරීමකින් හෙළිවී ඇත්තේ රට පුරා පිහිටි සියලුම සාත්තු නිවාස වල වැඩිහිටි හා ආබාධිත පුද්ගලයන් 4 000කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි. 

මේ සම්බන්දව අදහස් දක්වමින් ජාතික සත්කාර සංසදය පවසන්නේ නිල සංඛ්‍යාලේඛන වල බොහෝ අඩුපාඩු ඇති බවයි.


බ්‍රිතාන්‍ය රජය විසින් දිනපතා ප්‍රකාශයට පත්කරන කොරෝනා වයිරස මරණ සංඛ්‍යාවට ඇතුලත් වන්නේ රෝහල් වලදී මියගිය පුද්ගලයන් පමණි.

රෝහල් වලින් දත්ත එකතුකර මුදාහැරීම කඩිනමින් සිදු කළ හැකි නිසාත් රටපුරා සත්කාරක නිවාස වල සිදුවන මරණ වාර්තා වීමට පමා වන නිසාත් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව ජාතික සත්කාර සංසදය පවසයි.

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය හා සමාජ සත්කාරක නියාමක ආයතනය කියා සිටින්නේ රැකවරණ නිවාස සම්බන්ද වඩාත් සවිස්තරාත්මක තොරතුරු සැපයීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (2)

බ්‍රිතාන්‍යයේ රැකවරණ නිවාස වල මරණ නිල සංඛ්‍යාලේඛන වලට එකතු කර නෑ

banda Sunday, 19 April 2020 02:54 PM

එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. ලෝකෙන් උතුම් රට ලංකාවයි .. ලංකාවයි ශ්‍රී ලංකාවයි.

:       0       37

jayath Monday, 20 April 2020 03:43 AM

සමහරු කුහක කමට මේ තියන තත්වයේ අඩුපාඩු හීනෙන් දැකල මෝඩ චූන් අරගෙන මධ්‍යජාල වල කමෙන්ට් දමල තනියෙන් වීරයෝ වෙනවා ප්‍රකට දෙමල කියමනක් තියනවා " මුතුවල ද පබලුවලද යන දෙකේම පලුදු තියනවා කියල "( උපුටනයකි ) ඒ වගේ අඩු පාඩු තිබුනත් මේ ක්‍රමය මේ විදියට ගියේ නැත්නම් අද මේකත් අමෙරිකාවක් නැත්නම් ඉතාලියක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 444 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 616 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 252 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site