IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ප‍්‍රසන්න රණතුංග ඇප

(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අයත් ආයතනවල සේවකයින්ට වෛද්‍ය රක්ෂණය ක්‍රමයක් ඍජුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ලබානොගෙන  තැරැව්කාර සමාගමක් මැදිහත් කර ගනිමින් රජයට පාඩු කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ  හිටපු සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  අසංග එස් බෝදරගම  මහතා අද නියම කළේය.

සැකකරුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා  සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවටද නියෝග කළේය.
විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයේ තැන්පත් කරන ලෙසටද නියෝග කළේය.

සැකකරු සාක්ෂිකරුවන්ට බලපෑම් කර ඇති බැවින් හා පෙර වැරැදි ඇති බැවින්  ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර  රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අල්ලස් කොමිසම ඉල්ලා සිටියද ,අදාල බලපෑම් හෝ වැරදි සම්බන්ධයෙන් හා ඉදිරියේදී සාක්ෂි ලබාගත යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් බි වාර්තාවේ ලිඛිතව කරුණු ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ඇප පනතේ විධි විධාන ප්‍රකාරව ඇප ලබාදෙන බව මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

2021 වර්ෂයේ දී සංචාරක අමාත්‍යංශය යටතේ ඇති ආයතන වන ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්‌යාංශය, ශ්‍රී ලංකා හෝටල් කළමණාකරණ ආයතනය සහ ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය සේවකයින් සඳහා රක්ෂණය ගැනීමේ දී කොමිස් මුදලක් ගෙවීමකින් තොරව සෘජුව එම රක්ෂණයන් ලබා ගැනීමට හැකිව තිබිය දී මයි ඉන්සුවරන්ස් බ්‍රෝර්කස් නැමැති තැ‍රැව්කාර සමාගම මගින් අදාළ රක්ෂණය ලබා ගැනීමට බලපෑම් කර රුපියල්  4,750,828,72 (රුපියල් හතළිස් හත්ලක්ෂ පනස් දහස් අටසිය විසි අටයි ශත හැත්තෑ දෙක) ක මුදලක්  පාඩුවක් සිදු කිරීම තුළින් අල්ලස් පනතේ 70 වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

(ඡායාරූප: ඉසුරු පෙරේරා)



අදහස් (1)

ප‍්‍රසන්න රණතුංග ඇප

අරිණි Wednesday, 12 November 2025 03:46 PM

අනේ! ඩෝබි බලකායට ජය සමරන්න පැය කීපයක්වත් දුන්නේ නෑනේ! මොන අසාධාරණයක්ද මේ?

:       3       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 634 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2316 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site