(බී. ජී. චතුරංග )
පසු ගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ දුර බැහැර සිටින සැදැහැවතුන් අනිද්දා (4) උඳුවප් පොහෝ දිනයේදී අනුරාධපුර වන්දනාවේ නොපැමිණෙනවානම්, එය වඩා සුදුසු බව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නා හිමිපාණන් පැවසූහ.
උන්වහන්සේ මේ බව පැවසුවේ , අද( 2) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමිපාණන්,
"ශ්‍රී ලංකාවාසීන්ට විශේෂ වැදගත්කමක් ඇති පෝයක් වගේම අපට අනුරාධපුරයට ඉතාම සුවිශේෂී පෝය දිනයක් වන , උඳුවප්පුර පසළොස්වක පොහොය දිනය කියන්නේ සංඝමිත්තා මහා රහත් මෙහෙණින් වහන්සේ විසින් දඹදිව බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම කරවා ගෙන අනුරාධපුරයේ මහමෙව්නා උයනේ රෝපණය කරපු පෝය දවස.
අපි සංඝමිත්තා මහා රහත් මෙහෙණින් වහන්සේ අනුස්මරණය කරමින්, බෝධි රෝපණය අනුස්මරණය කරමින් අනුරාධපුරය විශේෂයෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ කේන්ද්‍රීය කරගෙන, ආගමික වතාවත් සිද්ධ කෙරෙනවා. උඳුවප්පුර පසළොස්වක පොහොය දවසේ දිනය යෙදෙන අනිදා 4 දිනයේදී,
මේ රටේ දැනට පවතින තත්ත්වයක් සමඟ අයහපත් කාලගුණික තත්ත්වයත් සමග මේ වෙලාවේ ඉතාම කරුණාවෙන් , මෛත්‍රියෙන් අනුරාධපුරයෙන් බැහැරව ඉන්න අපේ සැදැහැවතුන්ට මතක් කරන්න කැමතියි, වෙනදා වගේ, ගිය අවුරුද්දෙත් අපි ආවා, ඊට ඉස්සෙල්ලත් අවුරුද්දේත් අපි ආවා. ඒ නිසා මේ අවුරුද්දෙත් කොහොමරි අනුරාධපුරයේ යන්න ඕනැයි කියන හැඟීම නැතුව, පවතින මේ වාර්තාවරණය පිළිබඳව නුවණින් කල්පනා කරලා, අනුරාධපුරයට දුර බැහැර ඉඳලා මේ පෝය දවසේ වන්දනාමාන කිරීම සඳහා නොපැමිණෙනවා නම් හොඳයි කියන එකයි මගේ පෞද්ගලික අදහස,
අපි ආගමික වතාවත් කිසි දෙයක් අඩු නැතුව සිද්ධ කරනවා කරනවා. ඒ අපේ වතාවත්, චාරිත්‍ර ඒ සියල්ලම සිද්ධ කරනවා. ඒ වගේම මේ ව්‍යසනයෙන් විපතට පත්වෙච්ච විශේෂයෙන්ම මිය පරලොව ගිය සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කිරීමත්, ඒ වගෙම දැනට රෝගාතුරව අසරණව ඉන්න අයට ආශිර්වාද කිරීම සඳහාත් සුවිශේෂ ආශිර්වාද බෝධි පූජාවක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා.
නමුත් අපි දුර බැහැර ගෙවාගෙන එන්න එපා කියලා කියන්නේ, ඔබ දුර බැහැර ඉඳලා එනවනම්, කොහේ හරි නවතින්න සිද්ධවෙනවා. ඒ නවාතැන් පහසුකම් වෙනද වගේ දෙන්න කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ.
එම නිසා ඔබ මේ පොහොය ගෙදර ඉඳලා, දුර ඉඳලා සිහිපත් කරලා වන්දනාමාන කරන්න. විපතට පත්වෙච්ච සියලු දෙනාටම ආශිර්වාද කරන්න කියලා නැවත වතාවක් ඉතාම කරුණාවෙන් මෛත්‍රීන් සිහිපත් කරනවා. සියලු දෙනාටම උතුම් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිට ප්‍රාර්ථනා කරනවා ඒ ආශිර්වාදයෙන් ඔබට යහපතක්ම වේවා.
2025 නොවැම්බර් මස 21
283
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
321
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1247
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පෝදා අ‘පුර වන්දනාවේ එන්න එපා