IMG-LOGO

පිපිරීමකින් තරුණයෙක් මරුට

 

 (පද්මසිරි ගාර්දියවසම්)   

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ  පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි වැදී ගරාජය තුල සිටි 18 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි . 

 ඊයේ (16) සවස 6.45 ට පමණ මෙම පුපුරායාම සිදුවී තිබේ. 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අගුණකොලපැලැස්ස ,රන්න පාර, අංක 128/02 ලිපිනයේ පදිංචිව සිටි බෝවල ගම් ආචාරිගේ සදීප සිත්මිණ නමැති තරුණයාය.

 පුපුරා ගිය බැරලය ගරාජයේ වාහනවල තීන්ත ආලේපනය කිරීමට අවශ්‍ය තිනර් රැගෙන එනලද හිස් යකඩ බැරලයක් බවත් එහි එකතුවූ ගෑස් තත්වයක් මත බැරලය  හදිසියේ පුපුරා යන්නට ඇතිබවත් පොලිසිය පවසයි .

පුපුරා ගිය බැරලයේ පියන කොටස ගැලවී ගොස් ගෙල ප්‍රදේශයේ වැදී  බරපතළ තුවාල ලැබූ තරුණයා අගුණකොලපැලැස්ස රෝහලට ඇතුළත් කර තිබේ . 



අදහස් (1)

පිපිරීමකින් තරුණයෙක් මරුට

Anura Sunday, 17 November 2024 09:02 AM

මහින්දානන්ද මහත්තයා මෙතැන හිටියේ නැතෙයි...

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 449 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 625 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 254 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site