(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තමා ගාල්ලේ සිට කොළඹ එද්දී හමුදාවේ උසස් නිලධාරියකුගේ වාහනයක් සමග වාහන හතක පෙළපාලියක් ගිය බවත් රටේ මිනිස්සුන්ට කන්න නැති වෙලාවක හමුදාවේ ප්‍රධානියකුට වාහන පෙළපාලි යන්න මුදල් දුන්නේ කවුදැයි තොරතුරු හෙළි කරන්නැයි ඉල්ලා සිටින බවත් ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ නීතීඥ චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයාට ප්‍රශ්නයක් යොමු කරමිනි.
චන්දිම වීරක්කොඩි මහතා මෙසේද සඳහන් කළේය.
පෙරේදා මම ගාල්ලේ ඉඳලා කොළඹ එනකොට හමුදාපති තරු ගහ ගත්ත වාහනයක් වාහන හතක් එක්ක එනවා දැක්කා. සමහරවිට හමුදාපති වෙන්න ඇති. රටේ මිනිස්සුන්ට කන්න නැති වෙලාවක මේ වගේ ඉහළ නිලධාරීන් මේ විදිහට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔබට පියවර ගන්න බැරිද. වැඩිහිටි දීමනාව මාස තුනකින් දීලා නැහැ. ආබාධිත දීමනා ගෙවලා නෑ.එක නිලධාරියකුට වාහන හතක් එක්ක පෙළපාලියට දාගෙන යන්න කවුද සල්ලි වෙන් කළේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා:
සහනාධාර මුදල් නිසි පරිදි ලබා දීම කරලා තියෙනවා. යම්කිසි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට ලැබිලා නැත්නම් අපි හොයල බලන්නම්. ඔබතුමා කියන අනිත් කාරණය ගැන උත්තර දෙන්න බැඳිලා නැහැ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පෙළපාලි ගිය හමුදා ලොක්කා කවුද?
Siri Tuesday, 20 June 2023 01:48 PM
එතකොට මහජනතාව දැන් දැන් "දේශපාලුවෝ" කියල හඳුන්වන මිනිස්සු මහ පාරේ යන්නේ වාහන කීයක් පිරිවරාගෙනද චන්දිම මහත්තයෝ? ඇයි ඒවා ගැන කතා නැත්තේ ?
Menaka Tuesday, 20 June 2023 02:01 PM
හමුදාවෙ ඉහල පුටු වල වැඩි හරියක් ඉන්නෙ මේ වගේ මොළේ අමාරු තියෙන නිලධාරීන් තමයි . මේ උදවියට බදු ගෙවන ජනතාව ගැන කිසිම හැගීමක් නැහැ . රජය මේ වරප්‍රසාද කප්පාදු කරන්න වහාම පියවර ගත යුතුය . යුද්ධ කාලෙ එය සාර්ථකව සිදු කිරීම සදහා යම් වරප්‍රසාද ලබා දුන්නත් යුද්ධයක් නැති කාලයේදී එසේ ලබාදීම ලෝක සම්ප්‍රදාය නොවේ . උදාහරණයක් ලෙස මේජර් ගෙන් ඉහල තනතුරු තියෙන හමුදා නිලධාරීන්ට තම නිලරථයට අමතරව ගෙදර පාවිච්ව්යට රියදුරෙක් සහ ඉන්ධන සහිතව තවත් රථයක් ලබා දේ. ඒ කුමකටද ? බිරිදට ෂොපින් යන්න , දරුවන්ට පාසල් යන්න (කොළඹ උසස් විදුහලක් අසලට උදේට ගිහින් බලන්න ) මෙය යුද්ධ කාලයේදී දීමේ වරදක් නැත. මන්ද එම කාලයේදී අදාල නිලධාරීන්ට ගෙදර ගැන වදනොවී මානසික නිදහසකින් යුතුව රාජකාරී කිරීමට ඉන් අවකාශ සැලසුන බැවිනි . නමුත් යුද්ධයෙන් පසුව මහජන මුදල් කාබාසිනියා කරමින් හමුදා වලට අනවශ්‍ය වරප්‍රසාද ලබා දෙමින් බ්‍රිතාන්‍යයටත් වඩා විශාල හමුදාවක් නඩත්තු කිරීම අද තිබෙන ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවකි
sachith Tuesday, 20 June 2023 03:20 PM
මෙකනම් වැරදි තමා, හැබැයි අනුන්ගෙ ඇස් වල තියෙන පොල් ගෙඩි දකින්න කලින් තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාල ගැන හොයල බැලුවනම් තමා හොද නේද?
Buddika Tuesday, 20 June 2023 03:56 PM
උත්තර දෙන්න සේමසිංහ බැඳිල නැතිව ඇති. එත් මෙව මහජන මුදල්. එම නිසාම දැනගන්නට ජනතව ට අයිතියක් ඇත.
නොබැඳි සමුලුව Tuesday, 20 June 2023 06:45 PM
බැදිල නැහැ නාස්තිය සොයාබලන්න බැදිලා නැහැ
Nimal Tuesday, 20 June 2023 10:31 PM
තමුසෙ ලොයර් කෙනෙක් නේ ද. ඉතින් දානවකො නඩුවක්. කිය කිය ඉන්නෙ නතුව. පැමිනිලිකාර නිතිඤ්ය විදිහට තමුසෙටම හිටිය හැකිනෙ..
chathuranga Tuesday, 20 June 2023 10:46 PM
තමුන් ආණ්ඩුවෙ ඇමතිකම් කරන කාලේ ගාලු ගිය හැටි අමතක වෙලාද?? එහෙම නැත්තන් හමුදාපති හයිවේ බස් එකක නැගල තනියෙන් යන්න ඕනෙද? හරිනම් හමුදාපති විතරක් නෙමෙයි .පාර්ලිමේන්තුවේ ඉන්න මණ්ඩුක දේශපාලුවෝත් කටින් බතල හිටවන්නෙ නැතුව ක්‍රියාවෙන් ආදර්ශමත් විය යුතුයි.
සල්ලි Wednesday, 21 June 2023 07:17 AM
චන්දිම මහත්තයා ගෙ මූණ දිලිසෙනවා තෙල් බේරෙනවා හොදට කන්න බොන්න තියනවා වගේ එයාට.
Upul Wednesday, 21 June 2023 04:03 PM
අර කිව්වත් වගේ දැන් යුද්ධයත් ඉවර නිසා හමුදාවට තියෙන්නේ ගෙදර යන්න.. මොකද යුද්ධය සහ හදිසි අවස්ථා එන්නේ කලින් කියලා නිසා ඒ කාලෙට ඉන්න මිනිස්සු ඒවා ගැන බලාගනීවි.
උපුල් Wednesday, 21 June 2023 04:08 PM
ඇමති කාලේ හොඳට කාලා දැන් ඉරිසියාව.. බලමුකෝ ආයේ වැරදිලාවත් ඇමටි පට්ටමක් දීල
Upul Wednesday, 21 June 2023 04:16 PM
මෙයා විතරක් නෙවෙයි ගොඩක් දේශප්‍රේමීන් කියන්නේ හමුදාව අතින් කාලා හරක් බලන්න කියලා... ඉතිං හමුදා කාරයන්ට කොහේ හරි අමාරුවක් තියෙනවා නම් එහෙම කරාවි නේද