IMG-LOGO

පළාත් මැතිවරණ පනත සංශෝධනයට කැබිනට් අනු කමිටුවක්

පළාත් පාලන ආයතන මැතිවරණ පනත (2012 අංක 22) සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරයි.

එම පනතේ තාක්ෂණික ගැටලු නිරාකරණය සහ පිළිගත් දේශපාලන පක්ෂවල යෝජනා සලකා බැලීම මෙහි අරමුණ වන අතර මේ පිළිබඳව සාකච්ඡා කර කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් අනු කමිටුවක් පත් කර තිබේ.

එහි සමාජිකයින් ලෙස, අමාත්‍ය ෆයිසර් මුස්තෆා (සභාපති), අමාත්‍ය රවුෆ් හකීම්, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍ය වජිර අබේවර්ධන, අමාත්‍ය රිෂාද් බදියුදීන්, අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය දුමින්ද දිසානායක, අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ අමාත්‍ය මනෝ ගනේෂන් පත් කර ඇත.

කැබිනට් අනු කමිටුවේ ලේකම් සහ කැඳවුම්කරු වන්නේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතායි.



අදහස් (0)

පළාත් මැතිවරණ පනත සංශෝධනයට කැබිනට් අනු කමිටුවක්

පීරිස් Sunday, 07 August 2016 01:45 AM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

දහම් Sunday, 07 August 2016 08:21 AM

මේ ඔක්කොම නරිනාට. ඇයි ඡන්දය තියන්න බය? පහුවෙනකොට තව තවත් ආණ්ඩුවට අවාසි වන බව හිතුවොත් හොඳයි. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 480 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 641 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site