IMG-LOGO

පළාත් පාලන ඡන්දය පවත්වන විදිය දිනේෂ් කියයි

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ අනුගමනය කළ යුතු පිළිවෙත් අනුව නීත්‍යානුකූලව බවත්, නීතියෙන් පිට කිසිවක් නොකරන බවත් අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (20) ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විපක්ෂය කලබල වූවාට සියල්ල සිදු නොවන බවද ඔහු කීවේය.

මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සදහා වූ පාර්ලිමේන්තු කමිටුව ලබා දුන්  නිර්දේශ සම්බන්ධයෙන්  ඇතැම් නීති කෙටුම්පත්  ඉදිරිපත් කර ඇති බව පැවසූ අගමැතිවරයා ඇතැම් කෙටුම්පත් මැතිවරණ කොමිෂන් සභාව අධ්‍යයනය කරමින් සිටින බවද  ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමිෂන් සභාවටද හිමි බලතල ප්‍රමාණයක් ඇති නිසාත්  තවම ගෙවෙන්නේ සැප්තැම්බර් මාසය වන නිසාත්  කලබල නොවී ඉවසීමෙන් කටයුතු කරන්නැයිද අග්‍රාමාත්‍යවරයා මෙහිදී  විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.



අදහස් (1)

පළාත් පාලන ඡන්දය පවත්වන විදිය දිනේෂ් කියයි

de silva Tuesday, 20 September 2022 07:09 PM

මිහින්තලේ හාමුදුරුවන්ගේ බණ දේශනාව කොහොමද? දැන් සැපද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 263 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site