(නිමන්ති රණසිංහ)
පොල් වගාකිරීමේ මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදලෙන් රුපියල් කෝටි හතහමාරකට අධික මුදලක් වංචා කළැයි කියන එම මණ්ඩලයේ විෂය ලිපිකාරිණීය සහ ඇගේ ස්වාමිපුරුෂයා ලබන 19 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාමිණී විජේබණ්ඩාර මහත්මිය අද (05) නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන්ව නොමැති බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
මෙලෙස තවදුටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පොල් වගාකිරීමේ මණ්ඩලයේ විෂය ලිපිකරු වන මොණරාගල ඔක්කම්පිටිය පදිංචි ආර්. එම්. තමරා දිල්හානි සහ ආර්. ඩී. උපුල් රත්නායක නැමැති අඹුසැමි යුවළකි.
මෙම වංචාව සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට මෙන්ම තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගත යුතුව ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
සැකකරුවන් වෙනුවෙන් අධිරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සදහන් කර සිටියේ තම සේවාදායිකාවගේ බාල දරුවා වයස මාස තුනක් වන බැවින් ඇයට ඕනෑම කොන්දේසියක් මත ඇප ලබා දෙන ලෙසය.
පොල් වගාකිරීමේ මණ්ඩලය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ කමල් විජේසිරි මහතා සදහන් කර සිටියේ සැකකරුවන් මෙම වරද සිදුකර ඇත්තේ දරුවා ලැබෙන්නට සිටියදී බැවින් ඔවුන් වරද සම්බන්ධයෙන් දැනීමකින් සිට ඇති බවත් ඒ හේතුවෙන් ඇප ලබා දීම පිළිබදව විරුද්ධත්වය ප්‍රකාශ කරන බවත් ය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 19 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කරමින් එදිනට නඩුව කල් තැබීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පොල් මණ්ඩලයේ අර්ථ සාධකයට විද්ද කලමනාකාරිය,සැමියා යළි රිමාන්ඩ්
podimalli Tuesday, 06 September 2022 08:38 AM
ඇයතනයක EPF ETF බැරකරන්නෙ ශ්‍රී ලංකා මහබැංකුවට සහ කම්කරු දෙපාර්ථමේන්තුවට අවුරැද්ද අවසානයේ සෙවකයන්ට ශේෂපත්‍රයක් එවුවනම් වංචාවන් වලක්වගන්ට පුලුවන්.
රසිකTuesday, 06 September 2022 10:42 AM
මහ බැංකුවේ අර්‍ථසාධක අරමුදලට අමතරව ආයතන විසින් පුද්ගලිකව පවත්වාගෙන යන විශේෂ අර්ථසාධක අරමුදල් තියෙනවා. පොල් මණ්ඩලයේ තිබෙන්නෙත් එවැන්නක්.