IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පොලිසියට තග දැමූ රූපලාවන්‍ය ශිල්පිනිය අත්අඩංගුවට

(ගයාන් සූරිය ආරච්චි)

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරීන්ට බැන තර්ජනය කළ බව කියන රූපලාවණ්‍යාගාර ශිල්පිණියක ඊයේ අත්අඩංගුවට ගත් බව වඳුරඹ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි කාන්තාවකි.

වඳුරඹ පොලිසියට වාර්තා වූ පැමිණිල්ලක් මත සැකකරු ඔහුගේ මිතුරෙකුගේ නිවසේ සිටින බවට වඳුරඹ පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් එම නිවසට ගිය අවස්ථාවේදී සැකකාර කාන්තාව නිලධාරීන්ට සාපරාදී බලහත්කාරය පා ඇති බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

වඳුරඹ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



අදහස් (9)

පොලිසියට තග දැමූ රූපලාවන්‍ය ශිල්පිනිය අත්අඩංගුවට

de silva Saturday, 07 June 2025 05:24 PM

මෙහෙම බය නැතිව පොලිස් නිලධාරීන්ට පාර්ට් එක දමන රුපලවන්ය ශිලිපිනිය සමහර විට ඉහළ පොලිස් නිලධාරියෙක් සමග නිදාගන්න කෙනෙක් වෙන්න පුළුවන්... එහෙම වුණාම ඔහුගේ පවර් එක ටිකක් ඇඟට ගන්නවා වෙන්න පුළුවන්. රූපලාවන්‍ය ශිලිපියෝ අත්අඩංගුවට අරන් නිරෝධනයට ගෙනියන කොට ඇයගේ යටඇඳුම් අරන් ආපු පොලිස් ඇමැති කෙනෙක් හිටපු රටක් මේක... කැලේ මාරුවුණා කියලා කොටියාගේ පුල්ලි මාරුවෙන්නේ නැහැ. ආණ්ඩු මාරු වුණා කියලා නිලධාරීන් හෝ ඔවුන්ගේ යාන්ත්‍රනය මාරු වෙලා නැහැ.

:       3       57

අරුණිSaturday, 07 June 2025 06:27 PM

De Silva, මහත්මයා, එහෙනම් මොකටද ආන්ඩු මාරු කලේ? බැරි බැරියාවමද හැමතැනම, හැමදේකම, හැම කෙනාගේම අලුත් ආන්ඩුවේ...?

:       32       10

Ranasinghe Arachchige Thathsilu Imeth Ranasinghe Saturday, 07 June 2025 07:35 PM

ඒක ඇත්ත...

:       0       0

de silva Saturday, 07 June 2025 06:47 PM

අරුණි මහත්මිය එක තමා මටත් තිබෙන ප්‍රශ්නේ, අලුත් ආණ්ඩුව පසුගිය මාස 1-2 තුල හඳුනාගෙන තිබෙනවා... රජයේ දෙපාර්තමේන්තු තුළ අල්ලස් පොකුරු දුෂිත නිලධාරියෝ ඉන්නවා කියලා, ඉස්සර එහෙම දෙයක් දැනගෙන ඉඳලා නැහැ. දැන් ඒ ගොල්ලන්ට සුහද ආයාචනයක් කරගෙන යනවා. නරක වැඩ කරන්න එපා හොඳ ළමයි වගේ වැඩ කරන්න කියලා, දැන් ඔය රුපියල් 2000-3000 වගේ අල්ලස් ගන්න මනුස්සයෝ සතියකට 2-3 අහුවෙනවා... ලොකු තෝරු මෝරු නම් තවම හොඳට පීනනවා...

:       4       27

මනෝජ්Sunday, 08 June 2025 12:20 AM

ආන්න ඒ තෝරු, මෝරූ තමයි මේ අයව ගේන්න පාර කැපුවේ, මොකෝ ඉස්සර සීයා ඕවා නිසා සමහර අංශ පෞද්ගලිකරණය කරන්න ගියා... ආන්න ඒක නවත්තා ගන්න ඔය කියන තෝරු මෝරු මෙයාලව ගෙනාවා. දැන් ඉතිං තෝරුන්ට, මෝරුන්ට ඕනෑ විදිහට කරන්න වෙනවා.

:       0       4

sunil Saturday, 07 June 2025 07:09 PM

සිල්වා මහත්මයා අල්ලස් පොකුරු එක පාරටම කඩන්න හොඳ නැහැ. ඒවා පැහිලා, ඉදිලා වලු පිටින් බිමට නැමිලා තිබෙන අවස්ථාවේ තමා කඩාගන්න ඕනේ... ඩඩ්ලිගෙන් ටියුෂන් අරන් අපි පිට රටින් ගෙන එන සහල් වලට 50% බද්දක් ගහලා ඩඩ්ලිට පහසු , ඩඩ්ලි කැමති ඔහුට ගැලපෙන මිලකට සහල් ලබාදෙන්න කටයුතු කරලා තිබෙනවා. තෙල් පෝලිම් සම්පුර්නෙන්ම නැති කළා. පාස්පෝර්ට් පෝලිම නැවත ළඟදීම ඇති කරනවා. RMV පොකුර, පාස්පෝර්ට් පොකුර, රේගු පොකුරු ජයටම යනවා.

:       0       2

Ranasinghe Arachchige Thathsilu Imeth Ranasinghe Saturday, 07 June 2025 07:34 PM

ෂුවර් එකටම ඔය ගෑනි හිතාගෙන ඉන්නේ ඒකි මේ රටේ පොලිස්පති කියලා වෙන්න ඇති...

:       0       0

කුකුල් චමින්ද Saturday, 07 June 2025 11:44 PM

ආණ්ඩු මාරුවුණට රෙද්ද උස්සන අය ලොක්කොත් එක්ක බුදියා ගන්න එකේ අඩුවක් වෙලා නෑනේ. යකඩෝ ඇයි මේ අපි කළුද?

:       2       6

ආත්මි Sunday, 08 June 2025 03:01 AM

මරු.. මේ ආණ්ඩුවත් පරණ සිස්ටම් එකටම යන්නේ. ප්‍රභූන්ගේ ගෙවල්වලට පනිනකොට වොරන්ට් අරන් යන්න ඕනෑ. දුප්පත් නැති බැරි එකෙක්ගේ ගෙදරට යනකොට ඔවුන් බල්ලෝ ගානට දාලා යන්න පුළුවන්. උසාවියෙන්වත් සාධාරණ තීන්දුවක් ලැබේවා...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 599 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1712 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site